එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ සංචාරයක නිරතවීමට සැරසෙන ජනපති අනුර!

රෂිකා හෙන්නායක පෙබරවාරි 06, කොළඹ (LNW):

ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා , 2025 ලෝක රාජ්‍ය සමුළුවට සහභාගිවීම සඳහා එළැඹෙන 10 සිට 13 දා දක්වා එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ සංචාරයක නිරතවන බව විදේශ කටයුතු, විදේශ රැකියා සහ සංචාරක අමාත්‍යාංශය පවසයි.

 එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ ජනාධිපති මොහොමඩ් බින් සයිඩ් අල් නහියන්ගේ ආරාධනයක් මත ජනාධිපතිවරයා මෙම සංචාරය සිදුකරන බව, නිවේදනයක් නිකුත්කරමින් එම අමාත්‍යාංශය සඳහන් කළේය.