ඉන්දීය සංචිත බැංකුව වසර 05කට පසු ගත් තීරණය!

Date:

රෂිකා හෙන්නායක පෙබරවාරි 07 ,ලෝකය (අවුට්බවුන්ඩ් ටුඩේ):

ඉන්දියාවේ ආර්ථික වර්ධනය පහළ යාම සඳහා මුහුණදීමට සූදානමින්, වසර 05 කට පසු පළමුවරට පොලී අනුපාත පහළ දැමීමට ඉන්දීය සංචිත බැංකුව පිරවර ගෙන තිබෙන බව වාර්තා වේ.

ඒ අනුව, 6.5%ක්ව පැවති පොලී අනුපාතිකය 6.25%  දක්වා පහළ දමා තිබෙන බව විදෙස්මාධ්‍ය වාර්තා කරයි.මෙම අනුපාතය මහබැංකුව එරට වානිජ බැංකු සඳහා ණය දෙන පොලී අනුපාතික මට්ටමද වේ. මෙලෙස පොලී අනුපාත පහළ දැමීම සිදු කෙරුණේ,ඉන්දීය දළ දේශිය නිෂ්පාදිතයේ වර්ධනය වසර 4කින් 6.7%ක් දක්වා පහළ වැටී ඇති මොහොතක වීම විශේෂත්වයක්.

සංචිත බැංකුවේ අධිපතිවරයා මාධ්‍ය හමුවේ සඳහන් කර සිටියේ, ඉන්දීය සංචිත බැංකුවේ ප්‍රතිපත්ති ස්ථාවරය මධ්‍යස්ථ මට්ටමක තබා ගන්නා බවත්, තවදුරටත් අනුපාත අඩුකිරීම හරහා වර්ධනයට දායකවීමට වැඩි ඉඩක් විවෘත කරන බවත්ය.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

Mens Rea නැතිව අපරාධයක්?B වාර්තාවේ නීතිමය හිඩැස!රනිල් – සරෝජා හුටපටය!

පුවතේ Audio පිවිසුම වෙත; පුවතේ Video පිවිසුම වෙත; https://youtu.be/4RSV0SlcEBU සටහන - විශේෂ...

අපි දේශපාලනය සමඟ ක්‍රීඩාව මිශ්‍ර නොකළ යුතුයි – නාමල් රාජපක්ෂ

රෂිකා හෙන්නායක පෙබරවාරි 14, කොළඹ LNW : “ඉන්දු-පාකිස්තාන ද්විපාර්ශ්වික සබඳතා...

නීතියේ ආධිපත්‍යය වෙඩි උණ්ඩ හමුවේ බිඳ වැටෙනවද?

රෂිකා හෙන්නායක පෙබරවාරි 14, කොළඹ LNW : පුවත අසන්න මෙතැනින්.. පුවත...

යුරෝපය සටන් කිරීමට සූදානම් විය යුතු බව බ්‍රිතාන්‍ය අග්‍රාමාත්‍යවරයා මියුනිච් ආරක්ෂක සමුළුවේදී කියයි

සටහන: සශිකලා මධුෂාණිපෙබරවාරි 14: ලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ): යුරෝපය තම ජනතාව,...