20 න් පහළ දෙන්නෙක් පළමු වරට විනාඩි 4 බැරියරය බිඳ දමයි

Date:

සටහන – නිශ්මං රණසිංහ
පෙබරවාරි 10,(LNW)කොළඹ :

දියගම මහින්ද රාජපක්ෂ ක්‍රීඩාංගණයේ දී පැවති ජ්‍යෙෂ්ඨ සහ කණිෂ්ඨ ජාතික මලල ක්‍රීඩා සූරතාවලියේ දී අවුරුදු 20 න් පහළ පිරිමි මීටර් 1500 ඉසව්වේ පැවති වාර්තාව වූ,මහනුවර ධර්මරාජ විද්‍යාලයේ ඩී.විජේරත්න විසින් පිහිටුවා තිබූ විනාඩි 4:00.14. වාර්තාව ඉක්මවා යන්නට පළමු සහ දෙවන තැන ගත් ක්‍රීඩකයින් දෙදෙනාම සමත් වුණා.එම වාර්තා වූ කාලයන් දෙකම ඉතිහාසයේ පළමු වරට අවුරුදු 20 න් පහළ ක්‍රීඩකයෙකු විනාඩි 4 න් නික්ම විනාඩි 3 සීමාවට පැමිණි පළමු අවස්ථාව ලෙස ද ඉතිහාසයට එකතු වෙනවා.
ඒ අනුව නව වාර්තාවේ හිමිකාරීත්වය නාත්තණ්ඩිය ධම්මිස්සර විද්‍යාලයේ සවිඳු අවිශ්ක හිමිවන අතර ඔහු එම තරගයේ පළමුවැන්නා වෙමින් විනාඩි 3:58.24 ක කාලයකින් මීටර් 1500 ඉසව්ව නිමාවට පත් කළා.පැවති වාර්තාව බිද දමමින් රත්නපුර ඇලෝසියස් විද්‍යාලය නියෝජනය කළ ලහිරු අචින්ත විනාඩි 3:59.24 ට ඉසව්ව නිමා කරමින් දෙවන ස්ථානය ලබා ගත්තා.


ශ්‍රී ලංකාව වෙනුවෙන් උස පැනීමේ ඉසව්වේ ජාත්‍යන්තර සන්නාමය බවට හැඳින්විය හැකි,උස පැනීමෙන් රට ලෝකයට විවර කරමින් දශක දෙකක් පමණ ඉසව්වේ ආදිපත්‍යය දරා සිටි මංජුල කුමාර විජේසේකර අවුරුදු 20 න් පහළ උස පැනීමේදී වාර්තා කළ වාර්තාගත උස වූ මීටර් 2.18 සම කරන්නට ලෙසඳු අර්ථවිඳු සමත් වුණා.එකල මංජුල එම වයසේදී පනින ලද මෙම උස ප්‍රමානය ජාතික වාර්තාවද වන බැවින් ලෙසඳුගේ මේ පිම්ම් ඔහු අනාගතය සඳහා කෙතරම් වැදගත් ද යන්න ඉඟි කරන පිම්මක් හැටියට හැඳන්විය හැකියි.

http://www.sportwaynews.com/

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

පාසල් නිවාඩුව දීර්ඝ වෙයි!

රෂිකා හෙන්නායක නොවැම්බර් 27,කොළඹ LNW : කලින් සැලසුම් කළ...

උසස් පෙළ උත්තර ගුවනින්

නිශ්මං රණසිංහ නොවැම්බර් 27, කොළඹ LNW: ජිවිතයේ අති විශේෂ අධ්‍යාපනික...

සුමාත්‍රා හි භූ කම්පනයක්: ශ්‍රී ලංකාවේ වෙරළබඩ ප්‍රදේශවලටත් අනතුරු ඇඟවීමක්!

රෂිකා හෙන්නායක නොවැම්බර් 27, ලෝකය (අවුට්බවුන්ඩ් ටුඩේ): උදෑසන 10.26ට පම...

සෙනසුරාදත් උසස් පෙළ විභාගය අවලංගුයි – විභාගය පැවැත්වෙන දින මෙන්න!

කොළඹ LNW: සෙරසුරාද දිනයේද (29) අපොස උසස් පෙළ විභාගය...