ට්‍රම්ප්ගෙන් තවත් බද්දක්!

Date:

කොළඹ LNW:එක්සත් ජනපදයට ආනයනය කරන සියලුම වානේ සහ ඇලුමිනියම් සඳහා 25%ක බද්දක් පැනවීමට ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් තීරණය කර තිබේ.

මෙම තීරණයෙන් කැනඩාවට සහ මෙක්සිකෝවට බලපෑමක් එල්ල වෙන අතර එක්සත් ජනපදයට ඇලුමිනියම් ලෝහ සපයන ප්‍රධාන සපයුම්කරුවන්නේ කැනඩාවයි. ඒ අනුව ජනාධිපති ට්‍රම්ප්ගේ මෙම තීරණයෙන් කැනඩාවට වැඩිම බලපෑම එල්ල වනු ඇති බවයි විදෙස් වාර්තා පෙන්වා දෙන්නේ.

ට්‍රම්ප් සිය විධායක තීන්දුව ප්‍රකාශ කරමින් පැවසුවේ ඔවුන් අපගෙන් අයකරන්නේ නම් අපද එලෙසම කළ යුතු බවයි.

ඔහුගේ පළමු ධුර කාලය තුළද ට්‍රම්ප් කැනඩාව,මෙක්සිකෝව සහ යුරෝපීය සංගමයෙන් වානේ ආනයන සඳහා 25% ක සහ ඇලුමිනියම් ආනයන සඳහා 10% ක තීරුබදු පැනවීය.

නමුත් වසරකට පසුව කැනඩාව සහ මෙක්සිකෝව සමඟ එම තීරුබදු අවසන් කිරීම සඳහා ඇමරිකා එක්සත් ජනපදය ගිවිසුමකට එළඹුණි. නමුත් යුරෝපා සංගමයේ ආනයන බදු 2021 දක්වා ක්‍රියාත්මක විය.

කැනඩාවෙන් ආනයන කරන වානේ සහ ඇලුමිනියම් කර්මාන්ත ආශ්‍රිතව එක්සත් ජනපදය තුළ රැකියා ලක්ෂ ගණනක් පවතින හෙයින් ජනාධිපති ට්‍රම්ප්ගේ උක්ත තීරණයෙන් දෙපාර්ශවයටම අයහපත් ලෙස බලපාන බවයි කැනඩාවේ දේශපාලන උපදේශිකාවක වන කැතරින් ලුබියර් පවසා ඇත්තේ.

ඇමරිකානු ආර්ථික විශේෂඥයින්ද පෙන්වා දී ඇත්තේ ජනාධිපතිවරයාගේ මෙවැනි තීන්දු හරහා ඇමරිකා ආර්ථිකයට අයහපත් බලපෑමක් එල්ල විය හැකි බවයි.

මෙම මස මුලදීද කැනේඩියානු සහ මෙක්සිකානු නිෂ්පාදන සඳහා 25% ක ආනයන බදු පැනවීමට ට්‍රම්ප් තීරණය කළ නමුත් පසුව එම සැලැස්ම දින 30 කට එනම් මාර්තු මුල දක්වා ප්‍රමාද කර තිබේ.

ආශිකා බ්‍රාහ්මණ

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

නව අධ්‍යාපන ප්‍රතිසංස්කරණවලට විරෝධය පළකරමින් ඉසුරුපායේ විරෝධතාවක්! (PHOTOS)

කොළඹ LNW: නව අධ්‍යාපන ප්‍රතිසංස්කරණ වලට විරෝධය පළකරමින් අද...

අපේ ආදර මතක : “නොසැලෙන්න කඳුළක් දෑසින්”

"අරූට තමයි යොහාන් අර්ජුන කියන්නේ. ඌ ගායකයෙක්." බණ්ඩාරවෙල ටවුමේ රස්තියාදුකාර...

LKNOG9 සමුළුව කොළඹදී සාර්ථකව පැවැත්වේ

නිශ්මං රණසිංහ අගෝස්තු 13, කොළඹ LNW: Lanka Network Operators Group හි...

නිකොදේමස් විජාජා ගේ විචිත්‍රවත් සහ මායාකාරී ආභාසය ලත් වීදි ඡායාරූප එකතුවක්!

සටහන – පුලී අගෝස්තු 13, කොළඹ (LNW): මායාකරණයට ලක් වූ...