හෙට පැවැත්වීමට තිබූ සබරගමුව මහ සමන් දේවාලයේ නිලවරණය වළකා අතුරු තහනම් නියෝගයක්!

Date:

රෂිකා හෙන්නායක පෙබරවාරි 10, කොළඹ (LNW):

හෙට (11)  දින නියම කර තිබූ , සබරගමුව මහ සමන් දේවාලයේ නිලවරණය පැවැත්වීම වළක්වාලමින් අභියාචනාධිකරණය විසින් අතුරු තහනම් නියෝගයක් කර ඇති බව වාර්තා වේ.

එම දේවාලයේ තාවකාලික භාරකරු වශයෙන් පත් කර තිබූ එස්. වී.චන්ද්‍රසිංහ මහතා විසින් ගොණු කර තිබූ පෙත්සමක් සලකා බැලීමෙන් ලබන 20 වනදා තෙක් බල පැවැත්වෙන පරිදි එම අතුරුතහනම් නියෝගය නිකුත් කළ බව පැවසේ.

පෙත්සම්කරු වෙනුවෙන් පෙනී සිටි නීතිඥවරයා ඉදිරිපත් කළ කරුණු සලකා බැලීමෙන් අනතුරුව මෙම නියෝගය නිකුත් කළ බව වාර්තා වන අතර, අදාළ නිලවරණය පැවැත්වෙන ආකාරය නීතියට පටහැනි බවද එම පෙත්සම මඟින් පෙන්වා දී ඇත.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

ජවිපෙ ජනාධිපති පත්වෙලා වසරයි. රැකියා විරහිත උපාධිධාරීන් තවමත් මහපාරේ ! – විපක්ෂ නායක සජිත් (VIDEO)

සටහන - රුවන් නෙළුගොල්ල ජනතා විමුක්ති පෙරමුණේ ජනාධිපතිවරයා බලයට පත්ව...

Invest Sri Lanka ආයෝජක සමුළුව සිංගප්පූරුවේදී ඇරඹෙයි

කොළඹ කොටස් වෙළඳපොල සහ ශ්‍රී ලංකා සුරැකුම්පත් හා විනිමය...

CIDය උදයංග වීරතුංගගෙන් සහ ඔහුගේ බිරිඳගෙන් ප්‍රශ්න කරයි

රුසියාවේ හිටපු ශ්‍රී ලංකා තානාපති උදයංග වීරතුංගගෙන් සහ ඔහුගේ...

චේරන්ගේ තෝරාගත් කවි ”ළසෝ දියවෙන භූමිය” ලෙසින් සිංහලට! (PHOTOS)

කොළඹ LNW:''ළසෝ දියවෙන භූමිය'' පරිවර්තිත කාව්‍ය සංග්‍රහය එළිදැක්වීම අද...