ශ්‍රී ලංකාව තාරුණ්‍ය සවිබලගැන්වීමේ සැලසුම ඉදිරිපත් කරයි!

Date:

කොළඹ LNW:බිම්ස්ටෙක් සාමාජික රටවල තරුණ ප්‍රජාව සවිබල ගැන්වීම සහ තරුණ ප්‍රජාව ආර්ථික සහ සාමාජීය සංවර්ධනයට දායක කරගැනීම අරමුණු කරගත් බිම්ස්ටෙක් තරුණ සමුළුවේ දී එහි සාමාජික රටවල තරුණ ප්‍රජාව සවිබලගැන්වීම වෙනුවෙන් වූ ප්‍රධාන මුලපිරීම් හා උපක්‍රම ඉදිරිපත් කිරීම සිදු කෙරුණි. ඒ අනුව ශ්‍රී ලංකාවේ නව රජය තරුණ ප්‍රජාව සවිබල ගැන්වීම සදහා සකස් කර ඇති සැලසුම ඉදිරිපත් කිරීම සිදු විය.

ශ්‍රී ලංකාව නියෝජනය කරමින් ජාතික ජනබලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී ලසිත භාෂණ ගමගේ විසින් එය ඉදිරිපත් කළේය.

ශ්‍රී ලංකාව මේ වන විට ආරම්භ කර ඇති ක්ලීන් ශ්‍රී ලංකා වැඩසටහන, ඩිජිටල්කරණ ව්‍යාපෘතිය හා දුප්පත්කම තුරන් කිරීමේ ව්‍යාපෘතින් සදහා තරුණයින් දායක කරගෙන ඇති ආකාරය පිළිබදව මන්ත්‍රීවරයා මෙහිදී පැහැදිලි කළේය. එමෙන්ම ඉදිරියේ දී ක්‍රියාත්මක කිරීමට නියමිත V4R ව්‍යාපෘතිය, තරුණයින් වෙනුවෙන් වූ බහුවිධ මධ්‍යස්ථාන (MMC) ස්ථාපිත කිරීම, තොරතුරු තාක්ෂණ ව්‍යාපෘති සහ “හවසට ITE ව්‍යාපෘතිය පිළිබදව ද මෙහිදී ඉදිරිපත් කළේය.

තරුණ තරුණියන් වෙනුවෙන් ක්‍රියාත්මක වන වෘත්තීය අධ්‍යාපනික වැඩසහටන්වල ගුණාත්මකභාවය ඉහළ නැංවීම හා ඒ ඔස්සේ තරුණ තරුණියන් ආර්ථික සංවර්ධනයට දායක කරගැනීමට ගෙන ඇති ක්‍රියාමාර්ග පිළිබදව මන්ත්‍රීවරයා විසින් අදහස් පළ කරන ලදී.

බිම්ස්ටෙක් රටවල් තරුණයින් සවිබල ගැන්වීම වෙනුවෙන් ගෙන ඇති ක්‍රියාමාර්ග පිළිබදව ඉදිරිපත් කිරීම මෙහි දී සිදු විය. එම ක්‍රියාමාර්ග ක්‍රියාත්මක කිරීමේ සැලසුම පිළිබදව ද මෙහි දී අවධානය යොමු කෙරුණි.

තරුණ ව්‍යවසායකයින් දිරිගැන්වීම,එම රටවල් ඩිජිටල් ආර්ථිකයක් නිර්මාණය කිරීම වෙනුවෙන් ගෙන ඇති ක්‍රියාමාර්ග,තිරසාර සංවර්ධන ඉලක්ක සපුරා ගැනීම වෙනුවෙන් තරුණ ප්‍රජාව දායක කරගැනීම පිළිබදව සාමාජික රටවල් ඔවුන්ගේ අදහස් දැක්වීය.

මෙම තරුණ නායකයින්ගේ සංවාදය ඉන්දියාවේ තරුණ කටයුතු හා ක්‍රීඩා අමාත්‍ය මන්සුඛ් මන්දාවියාගේ ප්‍රධානත්වයෙන් පැවැත්වුණි. බිම්ස්ටෙක් තරුණ සමුළුවේ සමාරම්භක අවස්ථාවෙන් පසු මෙම සංවාදය පැවති අතර, මේ සදහා සියලුම රටවල් නියෝජනය කරමින් තරුණ නායකයින් සහභාගී වී සිටියහ. ඒ අනුව එම අවස්ථාවට ශ්‍රී ලංකාවේ තරුණ කටයුතු නියෝජ්‍ය අමාත්‍ය එරංග ගුණසේකර ඇතුළු නියෝජිත පිරිස ද සහභාගී වූහ.

ඉන්දියාවේ ගුජරාටි ප්‍රාන්තයේ අහමදාබාද් හි ඉකුත් 7 වෙනිදා ආරම්භ වූ බිම්ස්ටෙක් තරුණ සමුළුව හෙට (11දා) අවසන් වීමට නියමිතයි.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

රජය ලබාදුන් ආදයම් ඉලක්කයට යා හැකියි – රේගු මාධ්‍ය ප්‍රකාශක

රෂිකා හෙන්නායක ජූනි 03, කොළඹ LNW: අද (3) කොළඹ දී...

විවාහයෙන් දින දහයකට පසු මරු තුරුළට ගිය ලිවර්පූල් පාපන්දු ක්‍රීඩක Diogo Jota!

සටහන – පුලී ජූලි 03, කොළඹ (LNW): ලිවර්පූල් සහ පෘතුගාල...

අවධමන රැල්ලේ අවසන් මාසය

කොළඹ පාරිභෝගික මිල දර්ශකය අනුව 2025 ජූනි මාසය තුළද...

සිසු සැරිය සඳහා රජයෙන් ලබා දෙන ගාස්තුව ඉහළ නැංවීමේ සැලසුම්!.

කොළඹ LNW:පාසල් දරු දැරියන් ප්‍රවාහනය කරන සිසු සැරිය පාසල්...