එක්සත් අරාබි එමීර් රාජ්‍යයේදී ජනපති අනුර හරසරින් පිළිගනී!

Date:

රෂිකා හෙන්නායක පෙබරවාරි 10, කොළඹ (LNW):

පෙබරවාරි 11 සිට 13 දක්වා එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ ඩුබායිහිදී පැවැත්වෙන ලෝක රාජ්‍ය සමුඵව (WGS)- 2025ට සහභාගී වීම සඳහා මෙරටින් බැහැරව ගිය ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා ඇතුළු පිරිස අද (10) පස්වරුවේ ඩුබායි ජාත්‍යන්තර ගුවන්තොටුපොළට ළඟා විය. 

එහිදී ජනාධිපතිවරයා ඇතුළු පිරිස එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ විදේශ වෙළඳ කටයුතු පිළිබඳ රාජ්‍ය අමාත්‍ය ආචාර්ය තානි බින් අහමඩ් අල් සෙයුඩි මහතා ඇතුළු රාජ්‍ය නියෝජිතයන් විසින් මහත් හරසරින් යුතුව පිළිගනු ලැබිණි.

මෙම පිළිගැනීමේ අවස්ථාවට එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ වැඩබලන තානාපති තක්ෂිලා ආර්නෝල්ඩා, ඩුබායි සහ උතුරු එමීරයන් සඳහා වන ශ්‍රී ලංකා කොන්සල් ජෙනරල් ඇලෙක්සි ගුණසේකර ඇතුළු ඩුබායි ශ්‍රී ලංකා තානාපති කාර්යාලයේ නියෝජිතයින් පිරිසක්ද සහභාගි වූහ. 

අද පස්වරුවේ ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා, මාස්ටර් ඉන්වෙස්ට්මන්ට් සමූහයේ ප්‍රධාන විධායක නිලධාරී සහ රාස් අල් කයිමාහි පාලකවරයාගේ බෑණනුවන් වන ෂෙයික් අබ්දුල්ලා බින් මොහොමඩ් අල් කාසිමි හමුවීමට නියමිතය. 

ජනාධිපති මාධ්‍ය අංශය පැවසූවේ, මෙම හමුවේදී ශ්‍රී ලංකාව සහ එක්සත් අරාබි එමීර් රාජ්‍යය අතර ආර්ථික හා ආයෝජන සහයෝගීතාව ශක්තිමත් කිරීම කෙරෙහි අවධානය යොමු කෙරෙනු ඇති බවයි. පසුව ජනාධිපතිවරයා ඩුබායිහි පිහිටා ඇති සුප්‍රසිද්ධ අනාගත කෞතුකාගාරයේ පැවැත්වෙන ‘TIME 100 Gala Dinner’ රාත්‍රී භෝජන සංග්‍රහයට සහභාගි වීමට නියමිත බව වාර්තා වේ.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

හොංකොංහි ධනපතියකු වන ජිමී ලායිට ජීවිතාන්තය දක්වා සිර දඬුවම්

සටහන : සශිකලා මධුෂාණි  දෙසැම්බර් මස 16: ලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ): හොංකොංහි...

අපි විශ්වාස කරනවා රිය අනතුර වෙද්දී රන්වල මන්ත්‍රීතුමා බීමතින් හිටියේ නැහැ කියලා – ඇමති නලින්ද

රිය අනතුර සිදුවන අවස්ථාවේදී අශෝක රන්වල මන්ත්‍රීවරයා බීමතින් නොසිටියේ...

ජනාධිපති ට්‍රම්ප් BBCයෙන් ඩොලර් බිලියන පහක් ඉල්ලා නඩු පවරයි ?

සටහන : සශිකලා මධුෂාණි  දෙසැම්බර් මස 16: ලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ): එක්සත්...

සමස්තයක් ලෙස වසරේ පළමු මාස නවයේ ආර්ථික වර්ධන වේගය 5% ක්

තුන්වන කාර්තුව තුළ ශ්‍රී ලංකා ආර්ථිකය 5.4%ක වර්ධන වේගයක්...