ට්‍රම්ප් පරිපාලනය සංක්‍රාන්තික සමජභාවී පුද්ගලයන්ට එක්සත් ජනපද හමුදාවට සම්බන්ධ වීම තහනම් කිරීමට සැරසේ

Date:

සටහන: සශිකලා මධුෂාණි
පෙබරවාරි 11; ලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ) : එක්සත් ජනපද හමුදා සේවා සඳහා සංක්‍රාන්තික සමජභාවී පුද්ගලයන් තවදුරටත් භාර නොගන්නා බව එක්සත් ජනපද හමුදාව නිවේදනය කර ඇත.

ඊයේ(09)දිනයේදී ආරක්ෂක ලේකම් පීට් හෙග්සෙත් විසින් වොෂින්ටන් ඩීසී හි එක්සත් ජනපද දිස්ත්‍රික් උසාවියේ ගොනු කරන ලද සංදේශය සංක්‍රාන්තික සමජභාවී පුද්ගලයන් සඳහා වන බඳවා ගැනීමේ ක්‍රමවේදයන් වෙනස් කර තිබේ.

කෙසේ නමුත් මේ සම්බන්ධයෙන් විචාරකයන් සඳහන් කරන්නේ, මිලියන 1.3 ක සක්‍රීය රාජකාරි සේවා සාමාජිකයින්ගෙන් සංක්‍රාන්තික සමජභාවී පුද්ගලයන් 15,000 ක් පමණ දැනට එක්සත් ජනපද හමුදාවේ සේවය කරන අතර සංදේශය සහ අදාළ ක්‍රියාමාර්ග සංක්‍රාන්තික සමජභාවී අනන්‍යතාවය මකා දැමීම, වෙනස් කොට සැලකීම් පවත්වාගෙන යාම සහ සංක්‍රාන්තික සමජභාවී පුද්ගලයන්ට රහසිගතව සහ බියෙන් ජීවත් වීමට බල කිරීම අරමුණු කරගත් බවයි.

මේවන විට එක්සත් ජනපදයේ සංක්‍රාන්තික සමජභාවී පුද්ගලයන්, සොල්දාදුවන්ට සහ හමුදා සාමාජිකයින්ට සාපේක්ෂව පුලුල් සහයෝගයක් ඇති අතර පර්යේෂණ ආයතනයක් වන Gallup ඊයේ(09)දිනයේදී සිය පර්යේෂණ වාර්තාවන් හරහා පෙන්වා දෙනු ලැබුවේ ඇමරිකානුවන්ගෙන් සියයට 58 ක් සංක්‍රාන්තික සමජභාවී පුද්ගලයන්ට විවෘතව හමුදාවේ සේවය කිරීමට අවසර දීම අනුමත කර ඇති බවයි.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

ඩුප්ලෙන්ටිස්ගේ පියාඹණ උස තවත් ඉහළට

නිශ්මං රණසිංහ ජුනි 17, කොළඹ LNW: සර්ජි බුබ්කා රිටි පැනීමේ...

‘ඉරානයේ උත්තරීතර නායකයාට සදාම් හුසේන්ට සමාන ඉරණමකට මුහුණ දීමට සිදුවනු ඇත’ – කැට්ස්

සටහන: සශිකලා මධුෂාණිජුනි 17; ලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ): ඉරානයේ උත්තරීතර නායක...