මාස්ටර් ඉන්වෙස්ට්මන් ප්‍රධානියා හමු වූ ජනපති!

Date:

රෂිකා හෙන්නායක පෙබරවාරි 11, කොළඹ (LNW):

එක්සත් අරාබි එමිර් රාජ්‍යයේ තුන්දින නිල සංචාරය අතරතුරදී, ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා මාස්ටර් ඉන්වෙස්ට්මන් සමූහයේ ප්‍රධාන විධායක නිලධාරීවරයා හමුවී සාකච්ඡා පවත්වා ඇති බව වාර්තා වේ.

මේ වනවිට, ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා ලෝක රාජ්‍ය නායක සමුළුවට සහභාගි වීම සඳහා එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ නිල සංචාරයක නිතරව සිටින අතර, එහිදී මාස්ටර් ඉන්වෙස්ට්මන් සමූහයේ ප්‍රධාන විධායක නිලධාරී සහ රාස් අල් කයිමාහි පාලකවරයාගේ බෑනනුවන් වන ෂෙයික් අබ්දුල්ලා බින් මොහොමඩ් අල් කාසිම් මහතාද ඩුබායි හි ජුමෙයිරා බීජ් හෝටලයේදී හමුවූ බව වාර්තා වේ.

මෙම හමුවේදී ශ්‍රී ලංකාව සහ එක්සත් අරාබි එමීර් රාජ්‍ය අතර ආර්ථික හා ආයෝජන සහයෝගීතාව ශක්තිමත් කිරීම කෙරෙහි අවදානය යොමු කෙරුණ අතර, මේ අතර ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා රාජ්‍ය නායක සමුළුව ඇමතීමට නියමිතව තිබෙන්නේ හෙට (12)  දිනයේදී වේ. අද (11) සිට ලබන 13 වැනිදා දක්වා ඩුබායි හිදී ලෝක රාජ්‍ය සමුඵව පැවැත්වීමට නියමිත බව වැඩිදුරටත් සඳහන් වේ.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

කුමාර ජයකොඩි ඇමතිවරයා සම්බන්ධයෙන් ආණ්ඩුව ගන්න ක්‍රියාමාර්ගය මොකක් ද? – පුබුදු ජයගොඩ

රටේ වත්මන් දේශපානලන තත්වය සම්බන්ධයෙන් අදහස් දැක්වීම සඳහා පෙරටුගාමී...

රාජිතගෙන් මෝසමක්!

කොළඹ LNW:අල්ලස් හෝ දුෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව විසින්...

රතන හිමිට එරෙහිව වරෙන්තු!

කොළඹ LNW:පූජ්‍ය අතුරලියේ රතන හිමියන්ට එරෙහිව අත්අඩංගුවට ගැනීමේ වරෙන්තු...

හල්ලොලුව අත්අඩංගුවට ගැනීමට වරෙන්තු!

රෂිකා හෙන්නායක අගෝස්තු 18, කොළඹ LNW: අද (18) දින ජාතික...