ඇමෙරිකාවෙන් ගෘහස්ථ ලෝක වාර්තා දෙකක්

Date:

සටහන – නිශ්මං රණසිංහ
පෙබරවාරි 11,(LNW)කොළඹ :

ගෘහස්ථ මීටර් 3000 ඉසව්වේ සහ සැතපුම දිවීමේ ඉසව්වල නව ලෝක වාර්තා බිහි වී තිබෙනවා.නිව්යෝර්ක් හි පැවති ජාත්‍යන්තර ගෘහස්ථ මලල ක්‍රීඩා තරගාවලියකදී මේ දස්කම කරන්නට සමත්ව ඇත්තේ ග්‍රාන්ට් ෆිෂර් සහ යාරෙඩ් නුගුසෙ යන ඇමෙරිකානු ක්‍රීඩකයින් දෙපළයි.


මීටර් 3000 ඉසව්වේ දී, ද්විත්ව ඔලිම්පික් ලෝකඩ පදක්කම්ලාභී ෆිෂර්,මීටර් 3000 ඉසව්ව සඳහා විනාඩි 7:22.91 ක දක්ෂතාවයක් දක්වමින් නව වාර්තාව පිහිටුවීමට සමත් වෙනවා.ඒ අනුව ලමේචා ගිර්මාගේ ලෝක ගෘහස්ථ වාර්තාව වන 7:23.81 පැවති වාර්තාව බිඳ වැටෙන අතර මෙම තරගයේදී ෆිෂ්ර්ට විශාල තරගයක් ඇති කළ ඔලිම්පික් මීටර් 1500 ශූර කෝල් හොකර් ද ගිර්මාගේ වාර්තාව ඉක්මවා යමින් විනාඩි 7:23.14 ක කාලයක් වාර්තා කරන්නට සමත් වුණා.


සැතපුම දිවීමේ තරගයේ දී යාරෙඩ් නුගුසේ 3:46.63 කාලයකින් සැතපුම ඉසව්ව නිමා කරමින් එහි ලෝක වාර්තාව තමන්ගේ නමින් ලියා ගන්නට සමත් වුණා. යොමිෆ් කෙජෙල්චාගේ ලෝක ගෘහස්ථ වාර්තාව වන 3:47.01 ක් ව පැවති ලෝක වාර්තාව ඒ අනුව යාරෙඩ් සතු කර ගන්නට ඔහුට හැකි විණි.මීටර් 1500 සූරයෙකු ලෙස ප්‍රකට යාරෙඩ්ට මේ තරගයේදී එල්ල වන්නට තිබුණ විශාලම තර්ජනය ලෙස සැළකෙන ලෝක ශූර ජොෂ් කර් අසනීප තත්ත්වයක් හේතුවෙන් පැය කිහිපයකට පෙර තරඟයෙන් ඉවත්ව සිටියදී යාරෙඩ් මෙවැනි ධාවනයක යෙදීම ඔහුගේ දක්ෂතාවය මොනවට පිළිඹිබු කිරීමක්ය.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

ශ්‍රී ලංකාවේ දෙවන තරගය හෙට ඉන්දියාව සමඟ

නිශ්මං රණසිංහ ජුනි 28, කොළඹ LNW: ආසියානු යොවුන් නෙට්බෝල් තරගාවලිය...

අශෝක ජයතුංග e කොළම.

🍎පිටකොටුවෙ හාල් මුදලාලි තවත් ටොන් 40,000ක් ගෙන්වයි...!  🍎මාළිමාව පච වලටම...

වයඹදිග පාකිස්ථානයේ මරාගෙන මැරෙන බෝම්බ ප්‍රහාරයකින් 13 දෙනෙකු මරුට

සටහන: සශිකලා මධුෂාණිජුනි 28; ලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ): වයඹදිග පකිස්ථානයේ කයිබර්...

ගිලන් හදට සුවයක් වූ සුව අරණෙහි දෙවසරක මතකාවර්ජන….

රෂිකා හෙන්නායක ජූනි 28, කොළඹ LNW : ඕනෑම දැඩි...