පූජනීය මැණික් ගඟ සුරැකීම බැතිමතුන්ගේ වගකීමක්!

රෂිකා හෙන්නායක පෙබරවාරි 1, කොළඹ (LNW):

ඌවේ නමුණුකුළ කන්දෙන් ආරම්භ වන කතරගම මැණික් ගඟ කිලෝමිටර් 160ක් දුර ගෙවා ගොස් මුහුදට වැටි අවසන් වේ.

ශුද්ධ වූ ජලය ඇති ගංඟාවක් ලෙස මැණික් ගඟ සැලකේ. කතරගම පුදබිමට පැමිණෙන බැතිමතුන් මැණික් ගඟෙන් දිය නා පිරිසුදු වී දේවාලය වන්දනාමාන කිරීම පිණිස පැමිණෙති. කතරගම දේවාලයේ දෙවියන්ගේ පූජාව සඳහා ද අෂ්ඨඵල බෝධියේ නානුමුරය සඳහා ද ජලය ලබා ගන්නා මැණික් ගඟෙනි.

නමුත් මෙවන් සුන්දර මැණික් ගඟ අද වන විට දැඩි පාරිසරික හානියකට ලක්වී තිබේ.

එම තර්ජනාත්මක මූලාශ‍්‍රවලින් ප‍්‍රමුඛ වී ඇත්තේ ගං ඉවුරට සහ ජලයට කැළිකසළ බැහැර කිරීම, මළ අපද්‍රව්‍ය බැහැර කිරීම, අනවසර මැණික් ගැරීම සහ වැලි ගැනීම් බව හෙළිව තිබේ.

එම පරිසර දූෂණයට එක් ප්‍රධාන හේතුවක් වන්නේ අමුත්තන් විසින් ප්ලාස්ටික් සහ ආහාර අපද්‍රව්‍ය නිසි ලෙස බැහැර නොකිරීමයි. නිසි අපද්‍රව්‍ය කළමනාකරණයකින් තොරව ඉවතලන ප්ලාස්ටික් ගඟට එකතු වී ජලජ ජීවීන්ට හානි කරමින් ගඟේ ස්වභාවික සුන්දරත්වයද නැතිව යයි.

මෙය වළක්වා ගැනීම සඳහා බලධාරීන් විසින් කුණු දැමීම සඳහා දැඩි දඬුවම් ක්‍රියාත්මක කළ යුතු අතර, එම මැණික් ගඟ ආශ්‍රිත ප්‍රදේශයේ ප්‍රමාණවත් වන ආකාරයෙන් කසළ බඳුන් තබා ඒ තුළට කසල බැහැර කිරීම සිදුකල යුතුය.

මෙම පූජනීය ස්ථානවල පිරිසිදුකම පවත්වා ගැනීමේ වැදගත්කම පිළිබඳව දැනුවත් කිරීමේ වැඩසටහන් සහ දැන්වීම් පුවරු මඟින් පැමිණෙන වන්දනා කරුවන් සහ සංචාරකයින් දැනුවත් කළ යුතුය.

එසේ කළහොත් පමණක් අපට මැණික් ගඟේ සහ සෙල්ලකතරගම ගඟේ පවිත්‍ර බව සහ එහි සුන්දරත්වරය නිරායාසයෙන්ම අනාගත පරපුරට දායාද කළ හැකිවනු ඇත.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

ඉරාන නෞකා පිරිසක් ගාල්ලට පැමිණීම ගැන නි. ඇමති හංසකගෙන් ප්‍රකාශයක්!

රෂිකා හෙන්නායක ඔක්තෝබර් 24, කොළඹ LNW : ගාල්ල වරායට පැමිණි...

මාතර තලල්ල වෙරළින් හමු වූ පාර්සල් සහ ගමන් මළු වල මත්ද්‍රව්‍ය කිලෝ 475ක් !

රෂිකා හෙන්නායක ඔක්තෝබර් 24, කොළඹ LNW : ශ්‍රී ලංකා නාවික...

‘Comfort Care Home’ සහන සත්කාර මධ්‍යස්ථානය යාපනයේ දී විවෘත වෙයි!

රෂිකා හෙන්නායක ඔක්තෝබර් 24, කොළඹ LNW : ජීවිතයේ අසීරුතම කාල...

ප්‍රංශයේ විරෝධතා උත්සන්න වෙයි: 70,000ක ආරක්ෂක බලකායක් යොදවයි – දහස් ගණනක් අත්අඩංගුවට

සටහන: සශිකලා මධුෂාණීලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ) ඔක්තෝම්බර් මස 24 : ප්‍රංශය...