අලුත් කාර්යාලයෙන් නීතිපති හෝ නීතිපති දෙපාර්තමේන්තුව අහෝසි වීමක් නැහැ!

Date:

කොළඹ LNW:ස්වාධීන අභිචෝදක කාර්යාලය පිහිටුවීමේදී නීතිපතිවරයා හෝ නීතිපති දෙපාර්තුමේන්තුව අහෝසි නොවන බව කැබිනට් මාධ්‍ය ප්‍රකාශක මාධ්‍ය අමාත්‍ය නලින්ද ජයතිස්ස මහතා පැවසුවේය.

අමත්‍යවරයා මේ බව සඳහන් කළේ අද (11) පැවති කැබිනට් තීරණ දැනුම් දීමේ ප්‍රවෘත්ති මාධ්‍ය හමුවේදීය.

යුක්තිය පසිඳලීමේ ක්‍රියාවලියේදී නීතිපති දෙපාර්තුමේන්තුවට වඩා කාර්යක්ෂමව සේවා සැපයීම අරමුණු කරගනිමින් මෙම ආයතනය ක්‍රියාත්මක කිරීමට සැලසුම් කර අතර නීතිපතිවරයා, නීතිපති දෙපාර්තුමේන්තුව මෙන්ම ශ්‍රී ලංකා නීතීඥ සංගමයද එහිදී නියෝජනය වන බව අමාත්‍යවරයා ප්‍රකාශ කළේය.

ඒ අනුව එම කාර්යාලය පිහිටුවීමේ මූලික පියවරක් ලෙස කමිටුවක් පත්කෙරන අතර එය,
01.නීතිපතිවරයා හෝ නීතිපතිවරයා විසින් නම් කරන නියෝජිතයින් දෙදෙනෙක්
02.අධිකරණ අමාත්‍යංශයේ ලේකම්
03.අධිකරණ සේවයේ උක්ත විෂය සම්බන්ධයෙන් ප්‍රාමාණික දැනුමක් ඇති ජ්‍යෙෂ්ඨ විනිසුරුවරයෙකු
04.ශ්‍රී ලංකා නීතීඥ සංගමයේ සභාපතිවරයා හෝ සභාපතිවරයා විසින් නම් කරන නියෝජිතයෙකු පත්කිරීමට යෝජනා කර ඇත.

යෝජිත ස්වාධීන අභිචෝදක කාර්යාලයක් ස්ථාපිත කිරීම සම්බන්ධයෙන් මෙම කමිටුව විසින් මූලික සැලසුම් සකස් කිරීමට නියමිත අතර එම මූලික සංකල්ප පත්‍රිකාව කෙටුම්පත් කිරීමෙන් අනතුරුව මහජනතාවගේ සහ සිවිල් සංවිධානවල අදහස් ලබාගැනීමට ද නියමිතයි.

ආශිකා බ්‍රාහ්මණ

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

රෝසමල් සහ චොකලට් පෙට්ටිවලින් එහා ගිය අමතකකර දැමූ වැලන්ටයින් කතාව

රෝසමල් සහ චොකලට් පෙට්ටිවලින් එහා ගිය අමතකකර දැමූ වැලන්ටයින් කතාව

කොළඹ වරායේ බහාලුම් 323ක අබිරහස: අමාත්‍යවරයෙකුගේ ඉල්ලා අස්වීම පිටුපස ඇති කතාව

රෂිකා හෙන්නායක පෙබරවාරි 13, කොළඹ LNW : ශ්‍රී ලංකා ආර්ථිකයේ...

තලංගමදී වෙඩිතැබීමක්: දෙදෙනෙකු මරුට!

රෂිකා හෙන්නායක පෙබරවාරි 13, කොළඹ LNW : තලංගම අකුරේගොඩ ප්‍රදේශයේ...

ජීවිතය දෙස බළල් සුරතලුන්ගේ ඇසින්: Alia Bhatt අපට කියාදෙන පාඩම්…

රෂිකා හෙන්නායක පෙබරවාරි 13, කොළඹ LNW : පුවත අසන්න මෙතැනින්.. පුවත...