දිවයින පුරා පොලිස් ස්ථානාධිපතිවරුන් 139කට එකවර ස්ථාන මාරු !

0
1480

සටහන – රුවන් නෙළුගොල්ල

දිවයින පුරා පොලිස් ස්ථානාධිපතිවරුන් 139 දෙනෙකුට ස්ථාන මාරුවීම් ලබාදී තිබේ.

ජාතික පොලිස් කොමිෂන් සභාවේ අනුමැතිය ඇතිව වැඩබලන පොලිස්පති ප්‍රියන්ත වීරසූරිය විසින් මෙම ස්ථාන මාරුවීම් ලබාදී ඇත.

මෙය එකවර වැඩිම පොලිස් ස්ථානාධිපතිවරුන් පිරිසකට ස්ථාන මාරුවීම් ලබාදුන් අවස්ථාව ද වනු ඇති.

මෙහිදී ඇතැම් ස්ථානාධිපතිවරුන්ගේ තනතුරු ඉවත් කර ඔවුන්ව සාමාන්‍ය රාජකාරි සඳහා වෙනත් පොලිස් ස්ථානවලට අනුයුක්ත කිරීම ද සිදුව ඇත.

මෙම සම්පූර්ණ ස්ථාන මාරුවීම් ලැයිස්තුව කියවීම සඳහා මෙතැනින් යොමුවන්න.