පුනර්ජනනීය බලශක්ති ව්‍යාපෘති සඳහා ශ්‍රී ලංකාවට සහාය දෙන්නැයි සජිත් ස්විට්සර්ලන්තයෙන් ඉල්ලයි (VIDEO)

Date:

සටහන – රුවන් නෙළුගොල්ල

ශ්‍රී ලංකාව සහ මාලදිවයින සඳහා ස්විට්සර්ලන්ත තානාපතිනී ආචාර්ය සිරි වෝල්ට් මහත්මිය සහ විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා අතර සුවිශේෂී සාකච්ඡාවක් ඊයේ (පෙබරවාරි 11) කොළඹ විපක්ෂ නායක කාර්යාලයේ දී පැවැත්විණි.

එහි දී විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා විසින් ස්විට්සර්ලන්ත තානාපතිනිය හමුවේ කියා සිටියේ මෙරට තුළ පුනර්ජනනීය බලශක්ති උත්පාදන ව්‍යාපෘති සඳහා ස්විස්ටර්ලන්ත රජයෙන් ලබා දිය හැකි උපරිම උදව් උපකාර ආදිය ලබා දෙන ලෙසයි. එසේම ෆොසිල ඉන්ධන වලින් පුනර්ජනනීය බලශක්තියට මාරුවීම සඳහා ස්විට්සර්ලන්තයේ 2023 නීති සම්පාදනයට ප්‍රශංසා කළ විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා එය දේශගුණික විපර්යාසවලට මුහුණ දීමේ ඓතිහාසික පියවරක් ලෙස හැඳින්වීය.

පසුගිය සති අන්තයේ ශ්‍රී ලංකාවේ සිදුවූ විදුලි ඇනහිටීම සම්බන්ධයෙන් කතා කරමින් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා කියා සිටියේ පසුගිය කාලය පුරාම පුනර්ජනනීය බලශක්තිය සම්බන්ධයෙන් අවධානය යොමු කරන ලෙස තමා ඇතුළු පිරිස දිගින් දිගටම රජයට යෝජනා කර සිටි බවයි. එමෙන්ම විදුලි පරිභෝජනය සහ බලශක්ති උත්පාදනය හේතුවෙන් ඇති වූ පද්ධති අසමතුලිතතාවයන් මෙම විදුලිය ඇනහිටීමට හේතු වූ බව පැහැදිලි කළේය.

පරිපාලනය නොසලකා හැර ඇති තීරණාත්මක යටිතල පහසුකම් වන බැටරි බලශක්ති ගබඩා පද්ධති (BESS) සහ පොම්ප කරන ලද ගබඩා බලාගාර (PSPP) සඳහා හදිසි අවශ්‍යතාවය ද විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා මෙහි දී අවධාරණය කළේය. එබැවින් විදුලි කප්පාදුවෙන් තොරව ජනතාවට අඛණ්ඩ විදුලි සැපයුමක් ලබා දීමට කෙටිකාලීන, මධ්‍යකාලීන හා දිගු කාලීන පියවර ගැනීම රජය කඩිනමින් සිදු කළ යුතු බවත් ඒ සඳහා අවශ්‍ය සහයෝගය ලබා දෙන ලෙසත් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා ස්විස්ටර්ලන්ත තානාපතිනියගෙන් ඉල්ලා සිටියේය.

මේ අවස්ථාවට සමගි ජන බලවේගය නියෝජනය කරමින් හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී එරාන් වික්‍රමරත්න මහතා ද එක්විය.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

ලේඛනගත නොකළ සංක්‍රමණිකයන් පිටුවහල් කිරීම වේගවත් කිරීමට ට්‍ර්ම්ප්ගෙන් නියෝග

සටහන: සශිකලා මධුෂාණිජුනි 16; ලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ): එක්සත් ජනපද ජනාධිපති...

අපේ කණ්ඩායමේ කළු බැටළුවෝ ඉඳල තියෙනවා – පැරදුණු රීසා සරූක් කියන කතාව

කොළඹ LNW: කොළඹ මහ නගර සභාවේ පුරපති සටන වෙනුවෙන්...

වැඩිහිටි අපයෝජනය ගැන කියන්න වට්ස්ඇප් අංකයක්!

කොළඹ LNW:එක්සත් ජාතීන්ගේ මහා මණ්ඩලය විසින් සෑම වසරකම ජුනි...