රට තමන් දිහා නොබැලුවත් රටට ජයග්‍රහණ ගෙනෙන සමිත දුලාන්

Date:

සටහන – නිශ්මං රණසිංහ
පෙබරවාරි 11,(LNW)කොළඹ :

සමිත දුලාන් කොඩිතුවක්කු කියන්නෙ ශ්‍රි ලංකාව සතුව වර්ථමානයේ සිටින හොඳම පැරා ඔලිම්පික් හෙල්ල වීසි කරන ක්‍රීඩකයා.ලෝක වාර්තාලාභියෙක්.ඉකුත් පැරා ඔලිම්පික් උළෙලෙදි ශ්‍රි ලංකාවට රිදී පදක්කමක් ගෙනත් දුන්න ක්‍රීඩකයා.


ඒ පදක්කමට රජයෙන් ලැබෙන්න ඕනි කිසිම ඇගයීමක් නොලැබුණත් සමිත රට වෙනුවෙන් දිනන එක නවත්තලා නැහැ. Dubai World Para Athletics Grand Prix 2025 යටතෙ පැවත්වෙන 16th Fazza International Open Championship තරගාවලියෙදි දුලාන් ආයෙත් ලක්මව රනින් සරසනවා.ඒ මීටර් 61.88 ක දක්ෂතාවයක් දක්වමින්.


දුලාන්ට පැරිස් දක්ෂතාවය වෙනුවෙන් මේ වන තුරු රජයෙන් කිසිම දෙයක් ලැබිලා නැහැ.ඇගයීමක් සිඳුවෙලත් නැහැ.සාමාන්‍ය විදිහට ගත්තම එක එක ක්‍රිඩා උළෙලට සාපේක්ෂව ආණ්ඩුවෙන් මූල්‍යමය ගෙවීම් ජයග්‍රහණ වෙනුවෙන් ගෙවනවා.පැරා ඔලිම්පික් සභාපතිවරයා මාධ්‍යයට පැවසුවෙ ආරංචියෙ හැටියට පැරා ක්‍රීඩකයින් වෙනුවෙන් ඒ චක්‍රලේඛ වලංගු නැති බවයි.


එය එසේනම් වහාම වෙනස් විය යුතුයි.ජාතීන් අනුව,ආගම් අනුව හෝ ලිංගික අනන්‍යතාවයන් සමඟ දියුණු සමාජයක මිනිස්සු වෙනස් වෙන්න බැහැ වගෙම ආබාධ සහිත සහ රහිත ලෙස සළකා ඔවුන්ගේ හැකියාවන්ට වෙනස් විදිහට සළකන එකක් දියුණු සමාජයකට අදාළ වෙන්නෙ නැහැ.
විශේෂයෙන් ක්‍රීඩා අමාත්‍යවරයා මේ සංකල්පීය වශයෙන් සිඳු විය යුතු වැදගත්කම වෙනුවෙන් පෙනී සිටින අතරේම නියෝජ්‍ය අමාත්‍ය සුගත් තිලකරත්න මලල ක්‍රීඩාවේ ප්‍රායෝගික දුෂ්කරකම ගැන ටක්කෙටම දන්න කෙනෙක් හැටියට මේ ක්‍රීඩකයා ඇගයිය යුතු ආකාරය වගේම,පැරා ක්‍රීඩකයින් වෙනුවෙන් අලුත් චක්‍රෙල්ඛ හැදෙනවනම් ඒවා තැබිය යුතු තැනත් ගැන අවබෝධයෙන් කරුණු දක්වයි.
සුගත් මලල ක්‍රීඩා සංගමයෙ සභාපතිව සිටින කාලෙ වත්මන් මලල ක්‍රීඩා සංගම් ලේකම් සමඟ එකතු වෙලා ලංකාවෙ හෙල්ල විසි කිරීම සංවර්ධනය සඳහා ජාත්‍යන්තර මලල ක්‍රීඩා සංගමය සමඟ අත්නැල් බැඳගෙන ඔවුන්ගේ ආධාරය ඇතුව වැඩ සටහනක් සකස් කරා.ඒක අනුමත වුණත් ලංතාවෙ දේශපාලනය වගේම ඒකට පයින් ගහලා සුගත්ගෙන් පස්සෙ ආපු අය සුගත්මය නමක් මලල ක්‍රීඩාවට ගැවෙන්න තියෙන ඉඩ අහුරලා දැම්මා.ලංකාවෙ දේශපාලනයම සංකල්පීය ක්‍රියාවන් හැටියට ගත්තම ක්‍රීඩාවෙන් දකින්න පුළුවන් කැත මේ සිඳුවීමට හොඳ උදාහරණයක්.හැබැයි මේ වැඩේ ආණ්ඩුව හැටියට ආධාර විදිහට හොයා ගෙන වැඩ කරනවනම් රට තමන් දෙස නොබැලුවත් රට දිහා බලාගෙන හෙල්ල වීසි කරන දුලාන් ඒ ව්‍යාපෘතියේ පරමාදර්ශි චරිතයක් වෙයි.ඒ නිසා මේ මනුස්සයාගේ දක්ෂකම කළකිරීමෙන් යටපත් නොකර,දරා ගැනීමේ සීමාව පැන ක්‍රීඩාවෙන් නික්ම යන තැනට වැඩ නොකර පැරා ඔලිම්පික් පදක්කමක් කියන්නෙත් ඔලිම්පික් පදක්කමක වටිනාකම සහ ගෞරවය රටට ලැබෙන දෙයක් හැටියට හිතලා වැඩ කරන්න පුළුවන්නම් මරු නේද?


ඒක හරි මානුෂිකයි.ආදරණීයයි.වැදගත් සංස්තෘතියක ආරම්භයයි.

http://www.sportwaynews.com/

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

චාර්ල්ස් රජුගේ ප්‍රධාන උපදේශක මහාචාර්ය මුහම්මද් යූනුස් “Harmony Award 2025” සම්මානයෙන් පිදුම් ලබයි!

සටහන – පුලීජූනි 16, ලෝකය (අවුට්බවුන්ඩ් ටුඩේ): එක්සත් රාජධානියේ...

හෙට දකින උළෙලක අදට වඩා වටිනාකමක් දී දැකිය යුතු ප්‍රතිපල

නිශ්මං රණසිංහ ජුනි 16, කොළඹ LNW: මීටර් 400 කඩුලු ඉසව්ව...

ලේඛනගත නොකළ සංක්‍රමණිකයන් පිටුවහල් කිරීම වේගවත් කිරීමට ට්‍ර්ම්ප්ගෙන් නියෝග

සටහන: සශිකලා මධුෂාණිජුනි 16; ලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ): එක්සත් ජනපද ජනාධිපති...

අපේ කණ්ඩායමේ කළු බැටළුවෝ ඉඳල තියෙනවා – පැරදුණු රීසා සරූක් කියන කතාව

කොළඹ LNW: කොළඹ මහ නගර සභාවේ පුරපති සටන වෙනුවෙන්...