රාජ්‍යතාන්ත්‍රික නිලධාරීන් අතර හමුවක්!

Date:

රෂිකා හෙන්නායක පෙබරවාරි 12, කොළඹ (LNW):

ඊයේ  (11)දින ඉන්දියාවේ කර්ණාටක ප්‍රාන්තයේ බැංගලෝර් හි මේ දිනවල පැවැත්වෙන “Aero India 2025″ගුවන් සංදර්ශනයේ විශේෂ ආරාධිත අමුත්තෙකු ලෙස සහභාගි වී සිටින ආරක්‍ෂක ලේකම් එයාර් වයිස් මාර්ෂල් සම්පත් තුයියකොන්තා (විශ්‍රාමික) ඉන්දීය ආරක්‍ෂක ලේකම් ශ්‍රී රාජේෂ් කුමාර් සිං මහතා හමුව ඇත.

එහිදී, දෙරටේ රාජ්‍යතාන්ත්‍රික නිලධාරීන් අතර පැවති සාකච්ඡාවේදී මූලික වශයෙන්,දෙරටේ අන්‍යොන්‍ය මුහුදු සිමාවන් තුල නීතිවිරෝධී මසුන් ඇල්ලීම මැඩලීමේ ක්‍රියාමාර්ග,සමුද්‍රීය ආරක්‍ෂාව ශක්තිමත් කිරීම සහ දෙරටේ ආරක්‍ෂක හමුදා සඳහා විවිධ පුහුණු අවස්ථාවන් පුළුල් කිරීම ඇතුළු අන්‍යොන්‍ය වශයෙන් වැදගත් කරුණු කිහිපයක් සම්බන්ධයෙන් අවධානයට ලක්වී තිබේ.

මීට අමතරව,දෙරටේ ආරක්‍ෂක විෂය ක්ෂේත්‍රයන් තුල සහයෝගීතාව වර්ධනය කරමින් ද්විපාර්ශ්වික හමුදා සබඳතා තවදුරටත් ශක්තිමත් කර ගැනීම වෙනුවෙන් ගත හැකි ක්‍රියාමාර්ග පිළිබඳව ද සාකච්ඡා කළ බව සඳහන් වේ.

මෙම හමුව ඔස්සේ ඉන්දු – ශ්‍රී ලංකා දෙපාර්ශ්වයේම නිලධාරීන් කලාපීය ස්ථාවරත්වය සහතික කිරීම සහ දෙරට අතර උපාය මාර්ගික සහයෝගීතාව ශක්තිමත් කිරීම සඳහා වන තම කැපවීම යළිත් තහවුරු කළ බව පැවසේ.

නැගී එන ගෝලීය ආරක්‍ෂක අභියෝගවලට ඵලදායී අයුරින් මුහුණ දීම සඳහා අවශ්‍ය බුද්ධි තොරතුරු හුවමාරු කර ගැනීම,ඒකාබද්ධ පුහුණු අභ්‍යාස පැවැත්වීම සහමෙහෙයුම් සම්බන්ධීකරණය වැඩිදියුණු කිරීමේ වැදගත්කම පිළිබඳව ද ඔවුන් අවධාරණය කර ඇත.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

කුමාර ජයකොඩි ඇමතිවරයා සම්බන්ධයෙන් ආණ්ඩුව ගන්න ක්‍රියාමාර්ගය මොකක් ද? – පුබුදු ජයගොඩ

රටේ වත්මන් දේශපානලන තත්වය සම්බන්ධයෙන් අදහස් දැක්වීම සඳහා පෙරටුගාමී...

රාජිතගෙන් මෝසමක්!

කොළඹ LNW:අල්ලස් හෝ දුෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව විසින්...

රතන හිමිට එරෙහිව වරෙන්තු!

කොළඹ LNW:පූජ්‍ය අතුරලියේ රතන හිමියන්ට එරෙහිව අත්අඩංගුවට ගැනීමේ වරෙන්තු...

හල්ලොලුව අත්අඩංගුවට ගැනීමට වරෙන්තු!

රෂිකා හෙන්නායක අගෝස්තු 18, කොළඹ LNW: අද (18) දින ජාතික...