සජබ- එජාප විවාහයට පෙර දික්කසාදය!

Date:

උපාලි කොළඹගේ

කොළඹ LNW:ඕක නම් නොකෙරෙන මඟුලක් බව අපි නම් දැන හිටියා. හැබැයි තාම ෂුවර් නෑ. සෙට් වෙන්ඩත් ඉඩ තියෙනවා. ඔක්කොමගෙ පොදු හතුරා ආණ්ඩුවනෙ. නමුත් කරුණු කාරණා පෙළ ගැසෙන විදියට නම් ගබ්සා වෙන ලකුණු තමයි පේන්න තියෙන්නෙ.

මොන මොන කතා කිව්වත් නායකත්වය පිළිබඳ අවුල කියලයි මට නම් හිතෙන්නෙ. නායකත්ව මණ්ඩලයක් පත් කරනව වගේ මොන මොන කතා කිව්වත් අන්තිමට එක නායකයෙක් ඉන්ඩ එපැයි. රනිල්ට ඕනෙ අන්තිමට නායකකම තමන්ට එන විදියට හදා ගන්න. ඉතින් ඕකට සජිත් කැමති වෙයිද? මොන අඩුපාඩුකම් තිබුණත්. පහුගිය ඡන්දෙදි සජිත්ගෙ නායකත්වයෙන් ආසන 40 ක් දිනා ගත්තනෙ. එජාපයට ජාතික ලැයිස්තු මන්ත්‍රීකම් විතරයි. ඒකෙනුත් එකක් කැලෑ පැනල. රවී කරුණානායක මොන පැත්තෙද කියල එයා වත් දන්නෙ නැති පාටයි. තනියම ඉඳ ගෙන රනිල්ලට කොචොක් කරනව වගෙයි මට නම් පෙනෙන්නෙ. කළුතර පැත්තෙ රත්තරං මහත්තයව මට අමතකම වුණා .

කොහොම වුණත් රනිල් හිතවාදී කණ්ඩායම මහත් උජාරුවට කියන දෙයක් තමයි රනිල් මහත්තය ජනාධිපති ඡන්දෙදි ලක්ෂ 22 ක් ගත්ත සජිත් මහත්තය ගත්ත ඡන්ද ඒකට එකතු වුණා නම් දිනුම් කියල. එකතු වුණේ නෑනෙ. එකතු කළත් අඩුවෙන් ගත්ත කෙනාට නෙමෙයිනෙ එකතු වෙන්න ඕනෙ වැඩි පුර ගත්ත කෙනාටනෙ.

රනිල් මහත්තයො,ඔය අංක ගණිතෙන් දැන් වැඩක් නෑ. තමුන්නාන්සෙ ලඟ අර ලක්ෂ 22 දැන් නෑ. එතන එජාප ඡන්ද ගොඩ පොඩියි. පොදු පෙරමුණේ ඡන්ද තමයි වැඩියෙන් තිබුණෙ. දැන් ඒව හැරෙන තැපෑලෙන් හිටපු තැන්වලට ගිහිල්ලා. ඉතිරි වෙච්ච එජාප ඡන්දත් එළිපත්තෙ ඉන්නෙ. කොහාට පනින්නද කියල හිතා ගන්න බැරුව.

හැබැයි මේ ලේඛකයා හිතන විදියට ඔය ප්‍රශ්නය විසඳන්න එකම ක්‍රමයයි තියෙන්නෙ. ඒ එජාපය සජබෙට ඇතුළු වීමෙන්. තව විදියකින් කිව්වොත් සජිත් ප්‍රේමදාසට නායකත්වය දී නව සන්ධානයකට යෑමෙන්.

එහෙම ගියත් ඉන් රටට හොඳක් වේ යැයි මා නම් සිතන්නේ නැත.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

වෙනිසියුලාවෙන් වහා පිටවෙනු – කොල්ලුපිටියේදී ඇමරිකාවට විරෝධය(PHOTOS)

කොළඹ LNW:එක්සත් ජනපදය විසින් වෙනිසියුලාවට එල්ල කරන ලද ප්‍රහාරය...

ඇතැම් ප්‍රදේශවලට මිලිමීටර් 100 පමණ තද වැසි – අද (06) කාලගුණය

සටහන - රුවන් නෙළුගොල්ල දිවයිනට ගිනිකොණ දෙසින් බෙංගාල බොක්ක මුහුදු...

වෙනිසියුලාවේ තත්වය ගැන ශ්‍රී ලංකා රජය දැඩි අවධානයෙන් – නිල නිවේදනයක් නිකුත් කෙරේ

සටහන - රුවන් නෙළුගොල්ල වෙනිසියුලාවේ මෑත කාලීන වර්ධනයන් සම්බන්ධයෙන් ශ්‍රී...

අවදානයෙන් සිටින්න : බෙංගාල බොක්කේ අඩු පීඩන කලාපයක් ! – කාලගුණයෙන් අවවාදාත්මක නිවේදනයක්

සටහන - රුවන් නෙළුගොල්ල දිවයිනට ගිනිකොණ දෙසින් බෙංගාල බොක්ක මුහුදු...