හොරණ බොරලුගොඩ ආයෝජන කලාපයේ ගින්නක්. කර්මාන්ත ශාලාවක් විනාශයි !

Date:

සටහන – රුවන් නෙළුගොල්ල

හොරණ, බොරලුගොඩ කර්මාන්ත පුරයෙහි ඊයේ (පෙබරවාරි 13) පස්වරුවේ හටගත් ගින්න රාත්‍රිය වෙනතුරුත් දැල්වෙමින් පැවතිණි.

මෙම ගින්න හටගෙන තිබුණේ කුරුඳු ආශ්‍රිත සුවඳ විලවුන් නිෂ්පාදනය කරන කර්මාන්ත ශාලාවක ය.

ගින්න නිවීම සඳහා ගිනිනිවන කණ්ඩායම් 10ක් යොදවා තිබුණු අතර කළුතර, කොළඹ සහ ගම්පහ ප්‍රදේශවලින් ද ගිනිනිවන රථ බොරලුගොඩ කර්මාන්ත පුරයට කැඳවා තිබිණි.

ඊට අමතරව යුද හමුදාව, ගුවන් හමුදාව, පොලිස් විශේෂ කාර්ය බළකාය හා පොලීසිය ඇතුළුව ප්‍රදේශවාසී ජනතාව ද ගිනිනිවීමේ කටයුතු සඳහා එක්ව සිටියහ.

ගින්නෙන් කිසිදු ජීවිත හානියක් වාර්තා වී නොතිබුණු අතර ගිනිනිවීම සඳහා පැමිණි එක් ගිනිනිවන භටයකු අනපේක්ෂිත අනතුරක් හේතුවෙන් සුළු තුවාල ලබා රෝහල්ගත කර ඇත.

ගින්නට හේතුව මෙතෙක් අනාවරණය වී නොමැති බව සඳහන්.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

කථානායක ජගත්ට එරෙහි පැමිණිල්ල විභාග කිරීමට අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිසම තීරණය කරයි

සටහන - රුවන් නෙළුගොල්ල කථානායක ජගත් වික්‍රමරත්න මහතාට එරෙහිව ලැබී...

ශීත ඔලිම්පික් උළෙලෙන් දිස්වූයේ සාතන් වන්දනාවක් ද? “පස්කොන් තරුවේ” ඇත්ත කතාව මෙන්න!

ශීත ඔලිම්පික් උළෙලෙන් දිස්වූයේ සාතන් වන්දනාවක් ද? “පස්කොන් තරුවේ” ඇත්ත කතාව මෙන්න!

අපෙන් ඈත් වෙලා ගිය බොහෝ පිරිසක් දැන් අපිට එකතු වෙමින් ඉන්නවා -නාමල්

රෂිකා හෙන්නායක පෙබරවාරි 08, කොළඹ LNW : මේ රටේ වෛද්‍යවරුන්ට...

රුසියා හමුදා බුද්ධි අංශ ජෙනරාල්වරයාට වෙඩි තැබීමේ සිදුවීමට අදාළව තිදෙනෙකු අත්අඩංගුවට

සටහන: සශිකලා මධුෂාණිපෙබරවාරි 08, ලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ): පසුගියදා රුසියාවේ හමුදා...