සින්නක්කර ඔප්පු ලබා දීම තාවකාලිකව නවතයි!

0
685

රෂිකා හෙන්නායක පෙබරවාරි 15, කොළඹ (LNW):

සින්නක්කර ඔප්පු ලබා දීමේ ක්‍රමවේදයේ පවතින අඩුපාඩු හේතුවෙන් මෙතෙක් ක්‍රමවේදය තාවකාලිකව අත්හිටුවීමට පියවර ගත් බව කෘෂිකර්ම, පශු සම්පත්, ඉඩම් සහ වාරිමාර්ග අමාත්‍ය කේ.ඩී.ලාල් කාන්ත මහතා පවසයි.

ඔහු සඳහන් කළේ , සමාජ සංරක්ෂණය, සුරක්ෂිතභාවය හා පවුල්වල පැවැත්ම සැළකිල්ලට ගනිමින් නව ක්‍රමවේදයක් ඔස්සේ ඔප්පු ලබාදීමේ වැඩසටහන ක්‍රියාත්මක කරන බවය.