ජාතික අධ්‍යාපන ආයතනයේ අධ්‍යක්ෂ ජනරාල්ගෙන් පොරොන්දුවක්!

Date:

රෂිකා හෙන්නායක පෙබරවාරි 16, කොළඹ (LNW):

නව අධ්‍යාපන ප්‍රතිසංස්කරණ වැඩපිළිවෙල යටතේ විභාග ක්‍රමය හෝ සාමාන්‍ය පෙළ හා උසස් පෙළ විෂය නිර්දේශ වෙනස් නොකරන බව ජාතික අධ්‍යාපන ආයතනයේ අධ්‍යක්ෂ ජනරාල් මහාචාර්ය මංජුලා විදානපතිරණ පවසයි.

එම ප්‍රතිසංස්කරණ මගින් අධ්‍යාපන පද්ධතියේ විශාල වෙනසක් සිදු නොවන බවත්, විභාග ක්‍රමය, විෂය නිර්දේශය හා විෂයන් යාවත්කාලීන කිරීමට සැලකිය යුතු කාලයක් අවශ්‍ය වන බව‍, අධ්‍යක්ෂ ජනරාල්වරිය පවසයි.

එමෙන්ම සිසුන්ට නව ලෝකයට සරිලන විෂය මාලාවක් සකස් කර ඇති බවත්, එම ප්‍රතිසංස්කරණ එකවර සිසුන්ට හඳුන්වා දීමට ගියහොත් විශාල අර්බුදයක් නිර්මාණය වනු ඇති බවත් ඇය කියා සිටියාය.

මංජුලා විදානපතිරණ පවසන්නේ. විභාග හෝ විෂයමාලා වෙනස් කළහොත් සිසුන් ඊට සූදානම් වීමට අඩුම වශයෙන් වසර දෙකක පමණ කාලයක් අවශ්‍ය වන බවයි.

ඒ අනුව, පළමු ශ්‍රේණියේ සිට ක්‍රමානුකූලව විෂයමාලා යාවත්කාලීන කර සිසුන්ට හඳුන්වා දෙන බව පවසන අධ්‍යක්ෂ ජනරාල්වරිය කියා සිටියේ, දැනට 10, 11, 12 හා 13 ශ්‍රේණිවල ඉගෙනුම ලබන සිසුන් අරබයා සිදුකළ යුතු වෙනස්කම් පිළිබඳව අධ්‍යාපන අමාත්‍යාංශය සමග සාකච්ඡා කරගෙන යන බවයි.

විදානපතිරණ මහත්මිය සඳහන් කළේ, විෂය නිර්දේශ වසර අටකට වරක් යාවත්කාලීන කිරීමේ ක්‍රමවේදය ඒ අයුරින් ම පවත්වාගෙන යන බවයි.

2015දී ඇති කළ ප්‍රතිසංස්කරණ යටතේ 2023දී විෂය නිර්දේශ යාවත්කාලීන කළයුතුව තිබූ නමුත් මේ දක්වා එය සිදුව නැතැයි කී අධ්‍යක්ෂ ජනරාල්වරිය ඇතැම් සිසුන්ට වසර දහයකින් වෙනස් නොවූ විෂයයන් තිබෙන බවද පැවසුවාය.

අධ්‍යාපන අමාත්‍යාංශය පවසන්නේ. නව අධ්‍යාපන ප්‍රතිසංස්කරණ මේ වසරේදී නියාමනය කර 2026දී ක්‍රියාත්මක කරන බවයි.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

නත්තල් සිසිලස අර්ථවත්කළ තවත් තාරකාවක නිවී යෑම: ක්‍රිස් රෙයා, ජෝර්ජ් මයිකල් ඔබ එනතුරු බලා සිටී!

නත්තල් සිසිලස අර්ථවත්කළ තවත් තාරකාවක නිවී යෑම: ක්‍රිස් රෙයා, ජෝර්ජ් මයිකල් ඔබ එනතුරු බලා සිටී!

මෙරට ශ්‍රේෂ්ඨාධිකරණ සහ මහධිකරණ විනිසුරුවරු දඹදිව සාංචි වැඳ පුදා ගනිති.

කොළඹ LNW:අගවිනිසුරු ප්‍රීති පද්මන් සූරසේන මහතා ප්‍රමුඛ ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරුවරුන්...

2000 වසරේ සිට වැඩිපුරම රත්‍රන් තොග ගබඩා කරමින් කප් ගැසූ රටවල්! 

සටහන – පුලී දෙසැම්බර් 24, කොළඹ (LNW): ශතවර්ෂයේ ආරම්භයේ සිට,...

පනස් වසක් කලා ලොව ඒකාලෝක කළ කලාසුරි සතිස්චන්ද්‍රයන් දිවිසැරිය නිම කරයි

සටහන: සශිකලා මධුෂාණි ප්‍රවීන රංගනවේදී , ලේඛක, දේශක සතිස්චන්ද්‍ර...