මේජර් නිලයෙන් පහළ සියලු යුධ හමුදා සාමාජිකයින්ගේ පාස්පෝට් හමුදා භාරයට !

Date:

සටහන – රුවන් නෙළුගොල්ල

වහාම ක්‍රියාත්මක වන පරිදි ශ්‍රී ලංකා යුධ හමුදාවේ මේජර් තනතුරට පහළින් සිටින සියලුම සාමාජිකයින්ට සිය විදෙස් ගමන් බලපත්‍ර තම රෙජිමේන්තු මූලස්ථාන වෙත භාර දෙන ලෙස නියෝග කර තිබේ.

ඒ අනුව, අදාළ රෙජිමේන්තු මූලස්ථානවල මධ්‍යස්ථාන අණදෙන නිලධාරීන් භාරයේ මෙම විදෙස් ගමන් බලපත්‍ර සුරක්ෂිතව තබාගත යුතු අතර ආරක්ෂක අමාත්‍යාංශයේ අනුමැතිය මත ඕනෑම වේලාවක ඒවා ආපසු ලබාගැනීමට එම හමුදා සාමාජිකයින්ට හැකි බවයි දැනුම් දී ඇත්තේ.

මේ සම්බන්ධයෙන් කළ විමසීමකදී යුධ හමුදා මාධ්‍ය ප්‍රකාශක බ්‍රිගේඩියර් වරුණ ගමගේ සඳහන් කළේ පරිපාලන කටයුත්තකට අදාළව මෙම පියවර ගෙන ඇති බවයි.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

ආරක්ෂක සේවා බේස්බෝල් පිරිමි ශූරතාව ප්‍රථම වරට ගුවන් හමුදාවට

නිශ්මං රණසිංහ ජූලි 02, කොළඹ LNW: ත්‍රිවිධ හමුදා ක්‍රිඩක ක්‍රිඩිකාවන්ගේ...

සිංගප්පූරුව ඉදිරයේ ශ්‍රී ලංකාව ලද අපකිර්තිමත්ම පරාජය…

නිශ්මං රණසිංහ ජූලි 02, කොළඹ LNW ශ්‍රී ලංකාව මෙවර ආසියානු...

ලෝකයට තරම් රටට නොවටින නෙත්මි

නිශ්මං රණසිංහ ජූලි 02, කොළඹ LNW: ලෝකයේ දැවන්තම මල්ලව පොර...

IMF හතරවැනි ණය වාරිකයට අනුමැතිය

සටහන - රුවන් නෙළුගොල්ල ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ විධායක මණ්ඩලය විසින්...