සාකච්ඡා කරලා තෙල් මිල අඩුකරන්න පුළුවන්ද …?

Date:

අරාබි එමීර් රාජ්‍ය සමඟ සාකච්ඡා කරලා තෙල් අඩුවට ගන්න පච කතා ආන්ඩු පාක්ෂිකයින් එළියට දාන්නෙ ස්වකීය බයි ඕඩියන්ස් එක චූන් කරන්න නම් එහි එතරම් ගැටලුවක් නැත.. මන්ද එහි ඇත්තේ රැවටීම පිළිබඳ සදාචාර ප්‍රශ්නයක් පමණක් වන බැවින්.

නමුත් මෙවැනි කතා ආන්ඩුවම විස්වාස කරන්නේ නම් තත්වය වඩාත් බරපතළ බව පෙනේ..

තෙල් යනු සාකච්ඡා කරලා අඩුවට ගත හැකි සිල්ලර බාන්ඩයක් නොවේ…. විශේෂයෙන්ම තෙල් මිල තදින් ස්තාවරව පවත්වාගෙන යාම සඳහා තෙල් රටවල් එකව වෙනම සංවිධානයක් පවා පිහිටුවාගෙන තිබේ. එයින් පිට තෙල් අපනයනය කරන තනි රටකට පවා තෙල් මිලහි වෙනසක්කල නොහැකිය..

එසේම අවම වශයෙන් ලංකාව ලෝක වෙළෙඳපොළේ සැලකිය යුතු ප්‍රමාණයක්වත් තෙල් පරිභෝජනය කරන රටක් වූවා නම් මේ කතාව අපට තරමකට හෝ විස්වාස කිරීමට තිබින.. නමුත් ලංකාවේ සමස්ත තෙල් පරිභෝජනය ලෝක තෙල් පරිභෝජනයේන් දසම ගානකි.. ලංකාවේ තෙල් වලින් දුවන මහා කර්මාන්ත ඇත්තේම නැති තරම්ය..

මේ කතා තුලින් අපට මැනගත හැක්කේ ලෝක ආර්ථිකය වැඩකරන ආකාරය ගැන ආන්ඩුවට ඇති අවබෝධයේ තරමය..

~ ප්‍රියශාන්ත රාජපක්ෂ

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

නව වසරේ පළවෙනි සුබපැතුම රනිල්ගෙන් සජිත්ට

2026 නව වසර උදාවත් සමග එක්සත් ජාතික පක්ෂ නායක,...

ශ්‍රී ලංකා මහ බැංකුවේ රාජ්‍ය ණය දෙපාර්තමේන්තුව වසා දමයි!

කොළඹ LNW:අද (01) සිට ක්‍රියාත්මක වන පරිදි ශ්‍රී ලංකා...

වෘත්තීය සමිති ගේම් ඉවරයි – සමෘද්ධි බැංකු පද්ධතිය ගැන අලුත් අවුරුද්දේ අලුත් තීරණයක්!

ආශිකා බ්‍රාහ්මණ කොළඹ LNW:සමෘද්ධි බැංකු පද්ධතිය වඩා ශක්තිමත් කරමින් ඩිජිටල්කරණ...