කොංගෝවේ දෙවන විශාලතම නගරය කැරලිකරුවන් අල්ලා ගනී

Date:

සටහන: සශිකලා මධුෂාණි
පෙබරවාරි 17; ලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ) : නැගෙනහිර කොංගෝ ප්‍රජාතන්ත්‍රවාදී ජනරජයේ (DRC) දෙවන විශාලතම නගරය වන බුකාවු රුවන්ඩාවේ පිටුබලය ලබන M23 කැරලිකරුවන් ඇතුළු වී එය අත්පත් කරගෙන ඇති බව වාර්තා වේ.

2022 දී ආරම්භ වූ නවතම සන්නද්ධ කැරැලිකාරි සන්නද්ධ කණ්ඩායම ජනවාරි අගදී ගෝමා නගරය අත්පත් කර ගැනීමෙන් පසු දකුණු කිවු පළාතේ අගනුවරට ගමන් කරමින් සිටි අතර ඔවුන් බුකාවු වෙත ඇතුළු වීම වඩාත්ම වැදගත් ව්‍යාප්තිය නියෝජනය කරන බවයි ජාත්‍යන්තර මාධ්‍ය විස්තර කරනේ,

මිලියනයකට වඩා වැඩි ජනගහනයක් සිටින බුකාවු නගරයට ළඟා වීමට පෙර කැරලිකාර හමුදාවන් සඳහා වූ අවසාන වැදගත් හමුදා බාධකය වූයේ ගුවන් තොටුපළයි.

කැරලිකරුවන් නගරයේ ප්‍රධාන ගුවන් තොටුපලේ පාලනය අත්කරගෙන ඇති අතර මේ වන විට සිවිල් වැසියන් දහස් ගණනක් පලා ගොස් ඇති අතර, ලෝක ආහාර වැඩසටහනේ ගබඩාවක් ඇතුළුව පුලුල්ව පැතිරුනු කොල්ලකෑම් පිළිබඳ වාර්තා වී තිබේ.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

අවධමන රැල්ලේ අවසන් මාසය

කොළඹ පාරිභෝගික මිල දර්ශකය අනුව 2025 ජූනි මාසය තුළද...

සිසු සැරිය සඳහා රජයෙන් ලබා දෙන ගාස්තුව ඉහළ නැංවීමේ සැලසුම්!.

කොළඹ LNW:පාසල් දරු දැරියන් ප්‍රවාහනය කරන සිසු සැරිය පාසල්...

මහරගම අපේක්ෂා රෝහලට රු. මි. 600 ක වටිනාකමකින් යුත් පස්මහල් ළමා වාට්ටු සංකීර්ණයක්!

රෂිකා හෙන්නායක ජූනි 03, කොළඹ LNW රෝහල්වල ඉදිකිරීම් දීර්ඝ කාලීනව...