උද්ඝෝෂණ සහ කලහකාරී හැසිරීම් නිසා සංචාරකයෝ එන එක අඩු වෙලා – ප්‍රසන්න රණතුංග

0
434

ආර්ථික අර්බුදයත් සමඟ ඇති වූ සමාජීය ගැටළු,කලහකාරී සිදුවීම් නිසා මේ වෙද්දී සංචාරකයින්ගේ පැමිණීම අඩු වී ඇති බව මහජන ආරක්ෂක හා සංචාරක අමාත්‍ය ප්‍රසන්න රණතුංග මහතා පවසයි.

සංචාරක ව්‍යාපාරය යළි ආරම්භ කළ පසු ප්‍රථම වතාවට දවසකට සංචාරකයින් දහසකට අඩු ප්‍රමාණයක් මේ සතියේ පැමිණ ඇත්තේ මේ සතියේ බවයි අමාත්‍යවරයා සඳහන් කරන්නේ.

තැඹිලි කපන කෙනාගේ සිට ඉහළම ව්‍යාපාරිකයා දක්වා ආදායම් ඉහළ යාම මෙන්ම අරටේ ආර්ථිකය ශක්තිමත් කර ගත හැකි වන්නේ සංචාරකයින්ට පැමිණිය හැකි වාතාවරණයක් හැදුවොත් පමණක් බවද හෙතෙම කියා සිටියි.

ඩොලර් අර්බුදයට විසඳුමක් ලබා ගත හැක්කේ ඒ හරහා පමණක් බවයි රණතුංග අමාත්‍යවරය පවසන්නේ.

මේ අතර පවතින ආර්ථික අර්බුදයට උද්ඝෝෂණ තුළින් මෙන්ම කලහකාරී හැසිරීම් තුළින් විසඳුම් ලබා දීමේ හැකියාවක් නොමැති බවද ඔහු පෙන්වාදෙයි.

”මේ වෙලාවේදී තරුණයින්ට ලොකු වගකීමක් තියෙනවා අනාගතයට මේ රට භාර දෙන්න. ඒ සඳහා අපි සියලු දෙනාගේම කැපකිරීම් කරන්න අවශ්‍යයි. මේ ආර්ථික අර්බුදයට උද්ඝෝෂණ තුළින් ඒවගේම කලහකාරී හැසිරීම් තුළින් විසඳුම් ලබා දෙන්න හැකියාවක් ලැබෙන්නේ නැහැ. එයින් වෙන්නේ තව මේ රට අගාධයට පත්වීම පමණයි. මේ අර්බුදයට විසඳුමක් සපයන්න පුළුවන් වෙන්නේ ප්‍රජාතන්ත්‍රවාදීව,ව්‍යවස්ථානුකූලව අපි කටයුතු කිරීමෙන් පමණයි. මේ රටේ විද්වතුන්ගේ මතයත් එයයි. රජයක් පෙරලනවා නම් ඒක ව්‍යවස්ථානුකූලව සිදුවිය යුතු දෙයක්. ඒ සඳහා අපි හැමෝටම අයිතියක් තිබෙනවා. නමුත් අද මේ රට පත්වෙලා තිබෙන තත්ත්වය තුළින් අපිට මේ කලහකාරී ලෙස හැසිරිලා සමාජය පීඩාවට පත්වෙන ආකාරයට කටයුතු කිරීමෙන් වෙන්නේ මේ රට තව තවත් ආගාධයට වැටීම. ආර්ථික අර්බුදය තව තවත් උග්‍ර අතට පත්වීමයි. ඒ නිසා අපි සියලු දෙනාම එක්කහු වෙලා මේ රට ගොඩගන්න කටයුතු කරමු කියල තරුණයින්ගෙන් විශේෂ ඉල්ලීමක් කරනවා.” යනුවෙන් අමාත්‍යවරයා වැඩිදුරටත් කියා සිටියි.

ASK

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here