මේක ඉතාම භයානක සහ සීරියස් තත්ත්වයක්.අපරාධ කවුරු පටන් ගත්තත් අපි ඒවා විසඳනවා – අධිකරණ ඇමති

Date:

කොළඹ LNW:අපරාධ කවුරු ආරම්භ කළත් ඒවා වත්මන් රජය විසින් විසඳීමට කටයුතු කරන බව අධිකරණ අමාත්‍ය හර්ෂණ නානායක්කාර මහතා පැවසිය.

අමාත්‍යවරයා ඒ බව කියාසිටියේ අධිකරණය තුළදී වෙඩි තබා ඝාතනය කරන ලද ගණේමුල්ල සංජීවගේ සිද්ධිය සම්බන්ධයෙන් සොයා බැලීම සඳහා අලුත්කඩේ අධිකරණ පරිශ්‍රයට පැමිණි අවස්ථාවේ මාධ්‍ය වෙත අදහස් දක්වමිනි.

කෙසේවෙතත් මෙය භයානක හා බරපතල තත්ත්වයක් හෙයින් අධිකරණ පරිශ්‍රයේ ආරක්ෂාව තර කිරීමට අවශ්‍ය පියවර ගන්නා බවද අමාත්‍යවරයා කියාසිටියේය.

”මේක ඉතාම භයානක සහ සීරියස් තත්ත්වයක්. අපේ රජය ඒක ඒ බරින්ම ගන්නවා. ඉතාම හොඳ ආරක්ෂාවක් යටතේ තමයි මෙයාව බුස්සේ ඉදන් ගෙනාවේ. මතැනදී අපට නඩුකාරතුමන්ලා එක්ක, අධිකරණ සේවා කොමිසම එක්ක කතා කරන්න වෙනවා. මෙතන ආරක්ෂාව තරකරන්න ඕනේ. පාතාල පුද්ගලයන් වුණත් ජීවිත. ඒවගේම මෙතැන් තව අහිංසක ජීවිත ගොඩක් තියෙනවා. ඒ නිසා මේ සිද්ධිය ඒ බරින්ම ගන්නවා. ඒ බැරින්ම අරගෙන විසඳුම් හොයනවා කියන කාරණය තමයි දැනට කියන්න තියෙන්නේ. අපරාධ, මිනී මැරුම් කලින් ආණ්ඩුවලත් තිබුණා. නමුත් විසඳන එක අපේ වගකීමක්. කවුරු ආරම්භ කළත් ඒකට අවශ්‍ය සුදුසු පියවර අපිගන්නවා. අපිට හැම ජීවිතයක්ම වටිනවා. මේ සිද්ධිය අපි ගොඩක් බරකින් ගන්නවා. තවම විමර්ශන යනවා. ආරක්ෂාව සම්බන්ධයෙන් තව කතා කරලා තව තරකරන්න ඕනේ. සෑම පුද්ගලයෙක්ටම ආරක්ෂාව අවශ්‍යයි. නඩුකාරතුමන්ලාට,ලෝයර්ස්ලට විටහ්රක් නෙවෙයි පුරවැසියන්ටත්. ඒක අපි අනිවාර්යයෙන් කරනවා.”

එමෙන්ම මෙවැනි සැකකරුවන් අධිකරණයට රැගෙන ඒම වළක්වමින් වීඩියෝ තාක්ෂණය ඔස්සේ අධිකරණය හමුවේ පෙනී සිටීමේ පහසුකම සැපයීම වෙනුවෙන් පනතද කඩිනමින් ගෙන ඒමට කටයුතු කරන බව අධිකරණ අමාත්‍යවරයා සඳහන් කරන ලදී.

ආශිකා බ්‍රාහ්මණ

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

ඇමෙරිකාවේ මොන්ටානා ප්‍රාන්තයේ සිදුවු පුද්ගලයින් 4 දෙනෙකු ජීවිතක්ෂයට!

රෂිකා හෙන්නායක අගෝස්තු 02, ලෝකය (අවුට්බවුන්ඩ් ටුඩේ): වෙඩි...

ඇමරිකාව එක්ක බද්ද අඩුකරගත්තේ කොහොමද? රටට හෙළි කරන්න – නාමල් කියයි

කොළඹ LNW:ඇමරිකාවට කරනු ලබන අපනයන මත පැනවූ අන්‍යෝන්‍ය තීරු...

ආරක්ෂක සේවා කැරම් සූරතා ගුවනේ පතිත වෙයි

නිශ්මං රණසිංහ අගෝස්තු 02, කොළඹ LNW: ආරක්ෂක සේවා ක්‍රීඩා කවුන්සිලය විසින්...