A$AP රොකී ට වසර 24ක අච්චුවකින් ගැලවීමට ලක් එකක්!

Date:

සටහන – පුලී
පෙබරවාරි 19, ලෝකය (අවුට්බවුන්ඩ් ටුඩේ):
 සිය ගායනයෙන් ප්‍රේක්ෂකයන් අමන්දානන්දයට පත් කරන රිහානාගේ පෙම්වතා වන සුපිරි රැප් ගායක A$AP රොකී, 2021 දී හොලිවුඩයේ ඇති වූ ආරවුලකදී හිටපු මිතුරෙකුට වෙඩි තැබීමේ සිද්ධියට අදාල චෝදනාවෙන් වරදකරු නොවන බවට අධිකරණය ඉදිරියේදී ඔප්පු වී ඇතැයි විදෙස් මාධ්‍ය වාර්තා කරයි.

තුන් වතාවක් ග්‍රැමී සම්මානයට නිර්දේශ වූ 36 හැවිරිදි රොකී, ඔහුගේ හිටපු මිතුරෙකු වන A$AP රෙලි ලෙස හඳුන්වන ටෙරෙල් එෆ්‍රොන්ට එරෙහිව අර්ධ ස්වයංක්‍රීය ගිනි අවියකින් ප්‍රහාරයක් එල්ල කළ බවට අපරාධ දෙකක් සම්බන්ධයෙන් චෝදනා එල්ල වී සිටියේය.

ඉකුත් අඟහරුවාදා රොකී වැරදිකරු නොවන බවට ප්‍රකාශ කිරීමෙන් පසු රිහානා සෝ සුසුම් මැඳ සතුටු කඳුළු වැගිරුවාය. ඔහු වරදකරු වී නම් වසර 24 ක් දක්වා සිර දඬුවමකට මුහුණ දීමට සිදු වනු ඇත.

“මගේ ජීවිතය බේරා ගැනීම ගැන ඔබ සැමට ස්තූතියි” A$AP රොකී උසාවියෙන් පිටව යන විට එහි සිටි ජූරි සභාවට පැවසීය. පසුව ඔහු බෙවර්ලි හිල්ස් හි රිහානා සමඟ රාත්‍රී භෝජන සංග්‍රහයක් භුක්ති විඳිනු ද දක්නට ලැබිණි.

ඡායාරූප – අන්තර්ජාලය

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

හිටපු අමාත්‍යවරයෙකු වූ ගාමිණී ලොකුගේ අභාවප්‍රාප්ත වෙයි!

සටහන - පුලී ජූනි 30, කොළඹ (LNW): කොළඹ පෞද්ගලික රෝහලක...

පලස්තීනයේ නිදහස පතා යුද විරෝධී පාගමනක් කොළඹදී! (PHOTO STORY)

කොළඹ LNW:පලස්තීනයේ නිදහස් වෙනුවෙන් අදත් (30) කොළඹදී විරෝධතාවක් පැවැත්විය.පලස්තීන...

කොළඹ කොටස් වෙළෙඳපොළ නව වාර්තාවක් තබයි!

රෂිකා හෙන්නායක ජූනි 30, කොළඹ LNW : අද (30) දින...

යුරෝපයේ පවතින උෂ්ණාධික කාලගුණික තත්වය හේතුවෙන් අනතුරු ඇඟවීමේ නිවේදන නිකුත් කෙරේ

සටහන: සශිකලා මධුෂාණිජුනි 30; ලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ): යුරෝපයට බලපා ඇති...