*
Saturday, February 22, 2025
spot_img

Latest Posts

පෝය දෙකෙන් ජාතික ආරක්ෂාව තහවුරු කරන්නද ඕනේ? කයිවාරු වෙනුවට වැඩේ ගොඩදානවා නම් මේ පාරෙන් එන්න! (VIDEO)

කොළඹ LNW:අලුත්කඩේ අධිකරණ සංකීර්ණයේ මැදිරියක් තුළ ගණේමුල්ල සංජීව නමැති සංවිධානාත්මක අපරාධකරුවෙකු ලෙස චෝදනා ලබා සිටි පුද්ගලයාව වෙඩි තබා ඝාතනය කිරීමේ සිද්ධියෙන් පසු නැවත වරක් රට තුළ ජාතික ආරක්ෂාව පිළිබඳ සංවාදය ආරම්භ වී තිබ්.

විටින් විට මතුවන සිදුවීම් සමඟ ”ජාතික ආරක්ෂාව” සම්බන්ධයෙන් සාකච්ජාව කරළියට පැමිණෙන නමුත් අවසානයේ ඒ සම්බන්ධයෙන් වන ප්‍රතිපත්තිමය වැඩපිළිවෙලක් ක්‍රියාත්මක නොවන බව පැහැදිලි වන්නේ යළිත් එවැනි බිහිසුණු සිදුවීමක් වාර්තාවූ පසුවය.

සිද්ධියෙන් සිද්ධියට ජාතික ආරක්ෂාව විශ්ලේෂණය කරනවා වෙනුවට රට තුළ ජාතික ආරක්ෂාව ස්ථාපිත කිරීමේ ප්‍රතිපත්තිමය තීරණයට එළඹීම විනා ඉන් මෙහාට ඊට විසඳුමක් නැති බව දැන් ඕනෑවටත් වඩා තහවුරු වී තිබේ.

ඒ නිසාම ජාතික ආරක්ෂාව තවදුරටත් ”ගොං පාට්” කතාවක් නොවන්නට රට තුළ එය තහවුරු කිරීම වෙනුවෙන් ප්‍රතිපත්තිමය ප්‍රවේශයකට එළඹිය යුතුය. මක්නිසාද රටක ජාතික ආරක්ෂාව දවසෙන් දෙකෙන්,පෝය දෙකෙන් තුනෙන් කළ හැකි වැඩක් නොවන අතර එය දීර්ඝ කාලීන වැඩපිළිවෙලක් වන හෙයිනි.

ජාතික ආරක්ෂාව තහවුරු කිරීමේදී ඒහා සමඟ ගොඩනගා ගත යුතු තවත් විශේෂ කරුණු කිහිපයක් පවතින අතර එනම්,ජාතික ආර්ථිකය,සංස්කෘතිය,විද්‍යාව හා තාක්ෂණය,නවෝත්පාදන,විදේශ ප්‍රත්පත්තිය ඇතුළු කාරණාද සම්පූර්ණ විය යුතු අතර ඒ සම්බන්ධයෙන් විෂය ප්‍රමාණිකයෙකු වන හිටපු වන්නි ආඥාපති මේජර් ජනරාල් ආචාර්ය බොනිෆස් පෙරේරා මහතා නැවතත් ඊයේ (20) දින මාධ්‍ය හමුවක් කැඳවමින් රට තුළ ජාතික ආරක්ෂාව ස්ථාපිත වීමේ වැදගත්කම, මෙන්ම එය කළ හැකි ආකාරය,අදාළ බලධාරීන් විසින් ගත යුතු ක්‍රියාමාර්ග පිළිබඳ දැනුවත් කිරීමක් කරන ලදී.

රටවල් 28ක ජාතික ආරක්ෂක ප්‍රතිපත්ති අධ්‍යයනය කිරීමෙන් පසු ශ්‍රී ලංකාව තුළද ජාතික ආරක්ෂාව තහවුරු කිරීමේ වැඩපිළිවෙලක් ද ඔහු විසින් සකස් කර තිබේ.

ඒ අනුව මේජර් ජනරාල් ආචාර්ය බොනිෆස් පෙරේරා මහතා පවසන්නේ ජාතික ආරක්ෂාව යන කාරණා සම්බන්ධයෙන් මෙතෙක් රට තුළ ක්‍රියාත්මක වූ දේශපාලන ප්‍රතිපත්තිමය ක්‍රමවේද මෙන්ම ආර්ථික සමාජ ක්‍රියාකාරකම් ඊට බලපාන බවයි.

විශේෂයෙන් ජාතික ආරක්ෂාව තහවුරු කිරීමේදී ජාතික ආර්ථිකය ප්‍රධානතම සහ වැදගත්ම සාධකය බවට පත්වන ආකාරය ගැනද ඔහු පැහැදිලි කිරීමක් සිදුකරනු ලබයි.

සාමාන්‍ය දැනීමට අනුව ජාතික ආරක්ෂාව තහවුරු කිරීම වෙනුවෙන් පොලිස් බැරියර් වැඩි කිරීම,ඇඳිරි නීතිය දැමීම,පරීක්ෂා දැඩි කිරීම,කඳුළු ගෑස් ගැසීම,හිරේ දැමීම වැනි කරුණු මතුපිටට දැනෙන්නට තිබුණද ජාතික ආරක්ෂාව යනු ඊට එහා ගියා ආර්ථික,සමාජ,සංස්කෘතික,දේශපාලන සහසම්බන්ධයක් පවතින ක්‍රියාවලියක් බව බොනිෆස් පෙරේරාමහතා අවධාරණය කරයි.

”ජාතික ආරක්ෂාව පෝය දෙකෙන් හදනවා කිව්වට එහෙම කරන්න අමාරුයි. ජාතික ආරක්ෂාව තහවුරු කරන්න සෑහෙන කාලයක් ගතවෙනවා. ජාතික ආරක්ෂාවට සහසම්බන්ධතාවක් තියෙන ජාතික ආර්ථිකය,ජාතික සංස්කෘතිය,රාජ්‍ය තාන්ත්‍රිකභාවය,විද්‍යාව හා තාක්ෂණය,බුද්ධි තොරතුරු සහ නවෝත්පාදන සහ දේශපාලන හැකියාව කියන සමාජයක පැවැත්මට අවශ්‍ය කරන කුළුණු අන්තර්ගත කරන්න ඕනේ. එහෙම නැතුව ජාතික ආරක්ෂාව තනියෙන් තහවුරු කරන්න බැහැ. ජාතික ආරක්ෂාව පෝය දෙක තුනකින් මාස හයකින් තහවුරු කරන්නත් බැහැ. ඒක තමයි යතාර්ථය. රටේ තරුණ අසහනය ගත්තොත් විරැකියාව කොච්චර තියෙනවද? එක පැත්තකින් ඒ විරැකියාව නිසා තමයි මේ වගේ පුද්ගලයෝ මුදලට මිනී මරන්නේ. ලක්ෂෙට දෙකට දහයට මිනී මරන්නේ. ඒ පුද්ගලයා රැකියාවක් කරනවා නම්,බැංකුවක ලිපිකරුවෙක් නම්,ස්වයං රැකියාවක් කරනවා නම්,ව්‍යවසායකයෙක් නම් කවදාවත් ඒ මිනීමැරුම එයා කරන්නේ නැහැ. …….. මේ දේවල ජාතික ආරක්ෂාවට ඉඳුරාම බලපාන දේවල්. මම කිව්වා ජාතික ආර්ථකය ගැන. ජාතික ආර්ථකයක් නැත්නම් ජාතික ආරක්ෂාවක් තියෙන්නේ විදිහක නැහැ. හරියට අපේ වම අතයි දකුණු අතයි වගේ……….”

ඒ අනුව ජාතික ආරක්ෂාව තහවුරු කරන ක්‍රියාවලිය තුළ සිද්ධිමය වශයෙන් තීන්දු තීරණ ගන්නා අතර බලධාරීන්ගේ පර්යේෂණාත්මක මැදිහත්වීමේ වැදගත්කමද බොනිෆස් පෙරේරා මහතා පෙන්වාදෙයි.

ආශිකා බ්‍රාහ්මණ

Latest Posts

spot_img

දේශපා

Don't Miss

eskişehir escort sakarya escort sakarya escort bayan eskişehir escort bayan