සංවිධානාත්මක අපරාධ කල්ලි ගැන හෙලිදරව්වක්!

Date:

රෂිකා හෙන්නායක පෙබරවාරි 22, කොළඹ (LNW):

රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ මේ වනවිට විශේෂ ප්‍රවෘත්ති සාකච්ඡාවක් පැවත්තවෙන අතර, එයට සහභ්හාගීවෙමින් වැඩබලන පොලිස්පති ප්‍රියන්ත වීරසූරිය මහතා කියා සිටියේ, මෙරට තුළ සංවිධානාත්මක අපරාධ කල්ලි 58ක් සහ එහි අනුගාමිකයන් 1400 දෙනෙකු හඳුනාගෙන ඇති බවයි.

2025 වසර තුළ පමණක් වෙඩිතැබීමේ සිද්ධීන් 17ක් වාර්තා වී ඇති බව සඳහන් කරන වැඩබලන පොලිස්පතිවරයා කපාකොටා ඝාතනය කිරීමේ සිද්ධීන් 5ක් වාර්තා වී ඇති බවද කියා සිටියේය.

වැඩබලන පොලිස්පතිවරයා එහිදී සඳහන් කළේ, මෙම වසරේදී සිදුවූ වෙඩිතැබීමේ සිද්ධීන් හා කපාකොටා ඝාතනය කිරීමේ සිද්ධීන් 17ක් විමර්ශනය කර අවසන් බවයි. ඇතැම් සිද්ධීන්වලට පොලීසිය හා ත්‍රිවිද හමුදාවේ සාමාජිකයින් ඍජුව හා වක්‍රව සම්බන්ධ බවත්, ඒ අනුව එම නිලධාරීන් 11 දෙනෙකු අත්අඩංගුවට ගෙන ඇති බවත් ඔහු පැවසීය.

වත්මන් රජය බලයට පත්වීමෙන් අනතුරුව සිදුකළ විමර්ශනවලදී T56 13ක්, රිවොල් 15ක්, පිත්තෝල 21ක්, බෝර 12 ගිනිඅවි 75ක්, රිපීටර් 7ක්, කොටන තුවක්කු 805ක් සහ වෙනත් ගිනිඅවි 4ක් පොලිස් භාරයට ගත් බවද වැඩබලන පොලිස්පතිවරයා සඳහන් කළේය.

ඔහු මෙහිදී වැඩිදුර පැවසූවේ, අපරාධකරුවන් සහ ගිනිඅවි සම්බන්ධයෙන් තොරතුරු ලබාදෙන මහජනතාවට ත්‍යාග මුදල් ලබාදෙන බවයි.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

කොයි අතට පෙරළෙයිද? සනත් – මාලිංග කල්පනාවෙන්

සටහන – නිශ්මං රණසිංහ  අගෝස්තු 21, කොළඹ LNW: සිම්බාබ්වේ සංචාරය...

රටට බරක් නොවන ක්‍රිකට් කරන වැඩ ශ්‍රී ලංකා ජාතික ක්‍රිකට් ගමන් මඟ වැඩ සටහනේ දී සුජීව පෙන්වා දෙයි.

සටහන – නිශ්මං රණසිංහ  අගෝස්තු 21, කොළඹ LNW:“ශ්‍රී ලංකා ක්‍රිකට්...

ඉන්දියාව න්‍යෂ්ටික හැකියාව ඇති මිසයිලයක් සාර්ථකව අත්හදා බලයි

සටහන: සශිකලා මධුෂාණි අගෝස්තු 21: ලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ): ඉන්දියාව සිය හමුදා...

මහමොළකාරයා කවුද කියලා හැම ආණ්ඩුවකම අය දන්නවා. කාටවත් ඒක එළියේ කියන බැරිකම තමා තියෙන්නේ – මෛත්‍රී

සටහන - රුවන් නෙළුගොල්ල පාස්කු ප්‍රහාරයේ මහමොළකරු කවුද යන්න පිළිබඳව...