වසර හතරකට පසු වයිස් රෝයි ස්පෙෂල් යළි ධාවනයට එක්වෙයි!

Date:

කොළඹ LNW:වසර හතරකට පසු වයිස් රෝයි ස්පෙෂල් දුම්රිය අද (22) යළි ධාවනයට එක්විය.

අද පෙරවරු 07.00ට විදෙස් සංචාරකයින් කණ්ඩායමක් සමඟ කොළඹ කොටුව දුම්රිය ස්ථානයෙන් පිටවූ අතර දින 14ක් පුරා දිවයින වටා මෙම දුම්රිය ධාවනය කිරීමට නියමිතයි.

සංචාරක දුම්රියක් ලෙස ප්‍රසිද්ධ මෙම දුම්රියේ විශේෂත්වය ගල් අඟුරුවලින් ධාවනය වන වාෂ්ප එන්ජිමක් සහිත වීමයි.

නැගී එන සංචාරක කර්මාන්තයට මෙය ඉතා විශාල පිටුවහලක් බවයි එම දුම්රියේ සේවය කරන ප්‍රධාන නියාමක සිසිර රාජපක්ෂ මහතා මාධ්‍ය වෙත අදහස් දක්වමින් පැවසුවේ.

මෙම දුම්රිය විශේෂයෙන් විදෙස් සංචාරකයින්ගේ ආකර්ෂණය දිනාගත් දුම්රියකි.

ආශිකා බ්‍රාහ්මණ

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

වේගයට මඟ පෙන්වන්න මාලිංගට කෙටි කාලීන පත්විමක්

නිශ්මං රණසිංහ දෙසැම්බර් 31, කොළඹ LNW ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය,...

චනිත්මා හඬින් පමණක් නොවන වැඩෙනුත් හැඬ පෙන්වයි

නිශ්මං රණසිංහ දෙසැම්බර් 31, කොළඹ LNW: ශ්‍රී ලංකාවේ ජ්‍යෙෂ්ඨ ස්කෝෂ්...

2026 නව වසර උදා වූ රටවල්…

රෂිකා හෙන්නායක දෙසැම්බර් 31, කොළඹ LNW : ලොව පුරා රටවල්...

ශ්‍රී ලාංකේය ගායන වංශකතාවේ සදාකාලික ‘රැජිණියනි’ හීන හතක් මැද ඔබ තැනු විමනේ සුවසේ නිදන්න !

සටහන : සශිකලා මධුෂාණි ශ්‍රී ලාංකේය ගායන ක්ෂේත්‍රය බැබලවූ...