මහවැලි ජනපද අඩු ආදායම්ලාභී දරුවන්ගේ පෝෂණය වෙනුවෙන් අළුත් වැඩක්!

Date:

රෂිකා හෙන්නායක පෙබරවාරි 23, කොළඹ (LNW):

මහවැලි සී කලාපය ආශ්‍රිත ආදී වාසී ජනයා ජීවත්වන හෙනා නිගල ප්‍රදේශයේ හෙනා නිගල වැව මෙන්ම රත්කිඳ, අළුයටවල, වැව, බෙලන්ගස් වැව, පරගස්වැව, උල්පත් වැව, වීරලන්ද වැව, මල්දෙණිය වැව සහ කාසන් වැව යන වැව්වලට මාළු පැටවු ලක්ෂ පහළොවක් මුදාහැරීමට පියවර ගෙන තිබේ. 

එහි ප්‍රධාන අරමුණ වී ඇත්තේ මහවැලි ජනපද අඩු ආදායම්ලාභී දරුවන්ගේ පෝෂණ අවශ්‍යතාවය ඉහළ නැංවීම සඳහා  වේ. මෙම මාළු පැටව් මුදා හැරීම මගින් එම වැව් ආශ්‍රිත ධීවර කටයුතු කෙරෙන ධීවර ජනතාවගේ ආර්ථිකය නංවාලීමද මෙහි තවත් එක් අරමුණක් වේ. 

මෙම වැව් ආශ්‍රිත ධීවර කටයුතුවල නියැලෙන පිරිස 687 ක් වන අතර ඉන් යැපෙන සංඛ්‍යාව 3500ක් පමණ වේ. මෙම මාළු පැටව් මුදා හැරීමේ ව්‍යාපෘතිය සඳහා මහවැලි සී කලාපයේ නේවාසික ව්‍යාපාර කළමනාකරු එච්.එම් ආර්.හේරත් මහතා සහ මහවැලි කෘෂිකර්ම අධ්‍යක්ෂ ඇතුළු මහවැලි නිලධාරීන් පිරිසක් සහභාගි වූ බව වාර්තා වේ.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

වසර දෙකකට පසුව බෙත්ලෙහෙමටත් ඔන්න නත්තල්!

සටහන – පුලී දෙසැම්බර් 25, කොළඹ (LNW):  ගාසා තීරය පුරාවට...

මහනුවර පිළිකා සංගමය සඳහා ඉන්දියන් රජයේ පරිත්‍යාගයක්!

නදීක දයා බණ්ඩාර - මහනුවර කොළඹ LNW: පිිළිකාවෙන් පීඩිතව ප්‍රතිකර...

සංචාරක පැමිණීමේ වෙනසක්!

රෂිකා හෙන්නායක දෙසැම්බර් 25, කොළඹ LNW : 2025 වසරේ ගතවූ...

ත්‍රිකුණාමලය ගොවීන්ට වන්දි ගෙවා අවසන්!

කොළඹ LNW:දිට්වා සුළි කුනාටුව හේතුවෙන් හානි වූ වගාවන් සඳහා...