රත්නපුර ක්‍රිකට් පරිපාලනය නිලවරණය මඟ අරියි

Date:

සටහන – නිශ්මං රණසිංහ
පෙබරවාරි 24,(LNW)කොළඹ :

රත්නපුර දිස්ත්‍රික් ක්‍රිකට් පරිපාලනය තීරණය කිරීමේ නිලවරණය පෙබරවාරි 23 වන දා පැවත්වීමට නියමිතව තිබුණත්,එහි දී පැවති පරිපාලනයට බලයට ඒමට නොහැකි වන පරිදි කරුණු ගොඩ ගැසී තිබීම හේතුවෙන් නිලවරණය කල් දමා ඇති බව වාර්තා වේ.එම ලිපියේ දක්වා ඇත්තේ ගිණුම් සහ විගනන කටයුතු හේතුවක් ලෙස ඉදිරිපත් කර කල් දමන බවය.


භාණ්ඩාගාරිකවරයා සහ ගිණුම් කටයුතු නිලධාරියා විසින් එම කරුණු සම්පූර්ණ නොකිරීම නිසා කල් දමන බවට දන්වා යොමු කරන එම ලිපිය නිලවරණයට පෙර දින ක්‍රීඩා සමාජ වෙත ලැබෙන පරිදි පෙබරවාරි 20 වන දින යොමු කළ එකකි.පෙබරවාරි 23 වන දා පවත්වන නිලවරණයට පෙබරවාරි 20 වන දා දාතමින් මේ ලිපිය යොමු කරන තෙක් අදාළ පාර්ශවවලට ගිණුම් හෝ විගනන කටයුතු සම්බන්ධයෙන් අර්බූදයක් ඇති බව දන්වා නැති අතර,මේ ඒ සම්බන්ධයෙන් කරන පළමු දැණුම් දීම වන අතර එය සිඳු කරන්නේ නිලවරණයට දින දෙකක් තිබියදී පවත්වන හදිසි විධායක කමිටු රැස්වීමකදී බව ද දන්වා ඇත.


ඒ දක්වා නිලවරණය ගැන මෙන්ම විධායක කමිටුව හදිසියේ රැස්වීම දක්වා පවතින පරිපාලනය කෙතරම් සැළකිල්ලෙන් දිස්ත්‍රික්කයේ ක්‍රිකට් සංවර්ධන කටයුතු කරගෙන ගොස් ඇද්ද යන්න ගැන සිතීමට හොඳ නිදසුනක්ය.මේ වන විට අකාර්යක්ෂමතාවය මෙන්ම ශ්‍රී ලංකා ක්‍රිකට් වෙතින් ලබා දෙන ක්‍රීඩා භාණ්ඩ සහ පහසුකම් රත්නපුර ක්‍රිකට් ක්‍රීඩා කරන ප්‍රජාව වෙත ළඟා වේ ද යන සැකය එල්ල වී තිබීම නිසා පවතින පරිපාලනයට සම්බන්ධ කිසිවෙකුට මෙම නිලවරණයේදී බලයට පත් විය නොහැකි නිසා මේ තත්ත්වය උද්ගතව ඇති බවට තොරතුරු වාර්තා වේ.


එම නිලවරණය කල් දැමීම සම්බන්ධයෙන් එහි සිටින ඇතැම් බාර් හා සූර් අතර සම්බන්ධ නිලධාරීන් තැන තැන පවසමින් යන්නේ,ශ්‍රී ලංකා ක්‍රිකට් හී ශම්මි සිල්වා ගේ සිටම මෙම නිලවරණය කල් දැමීමට සම්බන්ධ බවත්,ශ්‍රී ලංකා ක්‍රිකට් නිලවරණය පවත්වා තම කණ්ඩායමම මෙම පුටුවල ඉන්දීමට ශ්‍රී ලංකා ක්‍රිකට් සැළසුම් කරමින් සිටින බවත්ය.එහෙත් ඇත්තම තත්ත්වය වන්නේ ශ්‍රී ලංකා ක්‍රිකට් මෙම නිලවරණය වෙනුවෙන් යොමු කරන නිලධාරියා ද නිලවරණය කල් දැමීම ගැන නොදැන,පැමිණ රත්නපුර ප්‍රදේශයේ නවාතැන් ගෙන සිට ඇති බවය.ඒ නිසා ශ්‍රී ලංකා ක්‍රිකට් ද පාවිච්චි කරමින් මේ නිලවරණය පැවත්වීම කල් දැමීමට අවශ්‍යයතාවය ඇත්තේ පවතින රත්නපුර පරිපාලනයට බව පැහැදිළිය.

http://www.sportwaynews.com/

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

රනිල් හෙට CIDයට එන බව දැනුම් දෙයි. මාධ්‍ය හමුවකුත් පවත්වා විදෙස්ගත වෙන්නත් සූදානම් !

හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා හෙට (22) දිනයේදී අපරාධ...

කතෝලික රදගුරු සම්මේලනය ජනපති අනුර හමුවෙයි!

රෂිකා හෙන්නායක අගෝස්තු 21 කොළඹ LNW : කොළඹ අගරදගුරු අතිඋතුම්...

ඩයනාට වරෙන්තු!

රෂිකා හෙන්නායක අගෝස්තු 21 කොළඹ LNW : ආගමන හා විගමන...

නෝනලාට ජිබ්‍රෝල්ටාර් යන්න කණ්ඩායමක් අටවාගැනීමේ සූදානමක්

සටහන – නිශ්මං රණසිංහ  අගෝස්තු 21, කොළඹ LNW: ක්‍රීඩා සංවර්ධන...