නේටෝ සාමාජිකත්වය ලබා දෙන්නේ නම් ජනාධිපති ධුරය අත් හැරීමට තමා සුදානම් බව සෙලෙන්ස්කි කියයි

0
380

සටහන: සශිකලා මධුෂාණි
පෙබරවාරි 24; ලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ) : රුසියාව විසින් යුක්රේනය ආක්‍රමණය කිරීමේ තුන්වන සංවත්සරය සැපිරෙන අද(24) දිනයේදී සාමය වෙනුවෙන් නේටෝ සාමාජිකත්වය ලබා දෙන්නේ නම් තම ජනාධිපති ධූරය අත්හැරීමට තමා සුදානම් බව යුක්රේන ජනාධිපති ව්ලැඩිමීර් සෙලෙන්ස්කි යුරෝපා නායකයන් අමතමින් සඳහන් කර තිබේ.

එක්සත් ජනපද ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් සතිය මුලදී සෙලෙන්ස්කි “මැතිවරණයකින් තොර ඒකාධිපතියෙකු” ලෙස හැඳින්වීමෙන් පසුව ඔහු මෙම ප්‍රකශය සිදුකර ඇත.

2019 මැයි මාසයේදී ප්‍රජාතන්ත්‍රවාදීව තේරී පත් වූ සෙලෙන්ස්කි 2022 පෙබරවාරි මාසයේදී දියත් වූ රුසියාවේ පූර්ණ පරිමාණ ආක්‍රමණයේ සිට ක්‍රියාත්මක වූ යුක්රේනයේ යුද නීතිය යටතේ මැතිවරණ අත්හිටුවා තිබේ.