සංචාරක පැමිණීමේ වෙනසක්!

Date:

රෂිකා හෙන්නායක පෙබරවාරි 24, කොළඹ (LNW):

මෙම වසරේ පෙබරවාරි මාසයේ පළමු දින 20 තුළ දී 175,436ක සංචාරකයින් පිරිසක් මෙරටට පැමිණ ඇති බව වාර්තා වන අතර, ඒ අනුව මේ දක්වා 2025 වසර තුළ දී මෙරටට පැමිණ ඇති සමස්ත සංචාරකයින් සංඛ්‍යාව 428,197ක් බව, ශ්‍රී ලංකා සංචාරක සංවර්ධන අධිකාරිය සිය නවතම දත්ත වාර්තාවන් මගින් පෙන්වා දෙයි.

ඒ අනුව, පෙබරවාරි මාසයේ ගත වූ සෑම දිනයක් තුළම 7,500 ඉක්ම වූ සංචාරක පැමිණීමක් වාර්තා වන අතර පෙබරවාරි 13 වනදා 10,497ක වැඩිම සංචාරක පැමිණීම වාර්තා වී ඇත..

මේ වසරේ පෙබරවාරි මාසයේ පළමු දින 20 තුළ දී ඉන්දියාවෙන් සංචාරකයින් 25,293ක්, රුසියාවෙන් 22,280ක්, එක්සත් රාජධානියෙන් 18,785ක්, ජර්මනියෙන් 12,393ක් සහ ප්‍රංශයෙන් 11,187ක් ලෙස වැඩි වශයෙන් මෙරටට සංචාරකයින් පැමිණ ඇතී බව වැඩි දුරටත් වාර්තා වේ.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

වසන්ත මල්ලිගේ දවල් මිගෙල් රෑ දනියෙල් දයලෙක්තිකය ….

යමෙකු කොටස් වෙළඳපොල තුලදී යම් සමාගමක කොටස් මිලදීගන්නේ නම්...

නාවික හමුදාවේ හිටපු බුද්ධි ප්‍රධානියෙකු අත්අඩංගුවට !

සටහන - රුවන් නෙළුගොල්ල නාවික හමුදාවේ හිටපු බුද්ධි අධ්‍යක්ෂවරයකු වන...

හේමසිරි සහ පූජිත්ගේ පාස්කු නඩුවට වෙන දේ!

කොළඹ LNW: පාස්කු ප්‍රහාරයට අදාළව හිටපු ආරක්ෂක ලේකම් හේමසිරි...