එහෙම නම් ඇමතිවරුන්ටම රෝහල් වාට්ටු බලාගන්නත් වෙයි – ලාල්කාන්තට GMOA දැඩි විරෝධය

Date:

සටහන – රුවන් නෙළුගොල්ල

කෘෂිකර්ම අමාත්‍ය කේ.ඩී. ලාල්කාන්ත මහතා පසුගියදා පාර්ලිමේන්තුවේදී සිදුකළ ප්‍රකාශයෙන් ගම්‍ය වන්නේ මේ ආණ්ඩුව වෛද්‍යවරුන් රට තුළ රඳවාගැනීමට උනන්දුවක් නොමැතිය වැනි අදහසක් බවත් එය ජනාධිපතිවරයා සහ සෞඛ්‍ය ඇමතිවරයා මීට පෙර ප්‍රකාශ කර ඇති කරුණු සමග පරස්පර බවත් රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ මාධ්‍ය ප්‍රකාශක, වෛද්‍ය චමිල් විජේසිංහ මහතා පවසයි.

“අපි දැක්කා ගරු කෘෂිකර්ම අමාත්‍ය කේ. ඩී. ලාල්කාන්ත මහතා පාර්ලිමේන්තුවේදී මේ වැටුප් සංශෝධන ගැන සාකච්ඡා කරනකොට එක තැනකදී කියනවා අපිට ඕනෙ අයට අපි වැඩියෙන් දෙනවා, අපිට ඕනෙ නම් අපි අඩුවෙන් දෙන්නෙ කාටද කියලා තීරණය කරනවා, ඒක අපේ තීරණයක්, ඒ ගැන කාටවත් කතාකරන්න අයිතියක් නෑ, වගේ කතාවක්. මං හිතන්නෙ පැහැදිලිව ගත්තොත් මේක මේ ආණ්ඩුවේ ජනාධිපතිතුමාගේ සහ සෞඛ්‍ය අමාත්‍යතුමාගේ ප්‍රතිපත්තියට සහ දැක්මට සම්පූර්ණ පටහැණි ප්‍රකාශයක්. ජනාධිපති අනුර කුමාර දිසානායක මැතිතුමා මැතිවරණයට පෙරත් දිගින් දිගටම පෙනී සිටිය කාරණයක් තමයි මේ රටේ විශේෂඥ වෛද්‍යවරු, වෛද්‍යවරු, සෞඛ්‍ය සේවකයින් මේ රටේ රැඳී සිටින්න අවශ්‍ය පරිසරය නිර්මාණය කරන්න ඕනෙ කියන කාරණය. ඒ වෙනුවෙන් ඔවුන් සඳහා අවශ්‍ය තීන්දු තීරණ ගන්න තමන්ගෙ ආණ්ඩුවේ ප්‍රමුඛතාව දෙනවා කියන කාරණය. මීට වඩා විසි තිස් ගුණයක වැටුපක් එක්ක වෛද්‍යවරයෙකුට යුරෝපයේ ඕස්ට්‍රේලියාවේ හෝ මැදපෙරදිග රාජකාරි කරන්න හැකියාව තිබියදී ඔවුන් මේ වැටුපත් එක්ක මේ රටේ රැඳිලා ඉන්නෙ තවමත් මේ රට හරි පාරට යයි, මේ ආණ්ඩුව මේ රට පුනරුදයට රැගෙන යයි කියලා ඒ වෙනුවෙන් තමන්ගෙ දායකත්වය ලබාදීමේ අරමුණින්. එහෙම තිබියදී ලාල්කාන්ත ඇමතිතුමා කරපු ප්‍රකාශය හරහා අපට ගම්‍ය වෙන්නේ ‘නෑ, එහෙම මේ රටේ වෛද්‍යවරුන් රට තුළ රඳවාගන්න ඕනෙ නෑ, ඔවුන්ට මේ රට තුළ රැඳිලා ඉන්න අවශ්‍ය පරිසරය හදන්න අපෙ එහෙම තීරණයක් නෑ, ඔවුන්ට සාධාරණ වැටුපක් දෙන්න එහෙම අපට වුවමනාවක් නෑ’ වගේ කාරණාවක් තමයි. මේ කියන්නෙ මේ පල නොකියා පළා බෙදීමක්නෙ. අපට ඕනෙ අයට අපි දෙනවා, එයාලාට දීලා තියෙනවා, ඔයාලාට දෙන්නෙ නෑ, ඕනෙ නම් ඉන්න, නැත්නම් යන්න. එහෙම යන්න පුළුවන්, හැබැයි එහෙම ගිය දවසට මේ රටේ රෝහල් ටික, වාට්ටු ටික, ශල්‍යාගාර ටික, සායන ටික ඔය ඇමතිවරු ඇවිල්ලා බලාගන්නවා නම් හොඳයි. හැබැයි මේ රටේ අහිංසක රෝගී ජනතාවගේ ජීවිත සම්බන්ධයෙන් අපට වගකීමක් තියෙනවා. මේ ගැන ජනාධිපතිතුමාගේ පාර්ශ්වයෙන්, රජයේ පාර්ශ්වයෙන් කරුණු පැහැදිලි කිරීමක් අවශ්‍යයයි”

වෛද්‍ය චමිල් විජේසිංහ මහතා මේ බව පැවසුවේ රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය විසින් පැවැත්වූ මාධ්‍ය හමුවක් අමතමිනි.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

ශ්‍රී ලංකාවේ දෙවන තරගය හෙට ඉන්දියාව සමඟ

නිශ්මං රණසිංහ ජුනි 28, කොළඹ LNW: ආසියානු යොවුන් නෙට්බෝල් තරගාවලිය...

අශෝක ජයතුංග e කොළම.

🍎පිටකොටුවෙ හාල් මුදලාලි තවත් ටොන් 40,000ක් ගෙන්වයි...!  🍎මාළිමාව පච වලටම...

වයඹදිග පාකිස්ථානයේ මරාගෙන මැරෙන බෝම්බ ප්‍රහාරයකින් 13 දෙනෙකු මරුට

සටහන: සශිකලා මධුෂාණිජුනි 28; ලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ): වයඹදිග පකිස්ථානයේ කයිබර්...

ගිලන් හදට සුවයක් වූ සුව අරණෙහි දෙවසරක මතකාවර්ජන….

රෂිකා හෙන්නායක ජූනි 28, කොළඹ LNW : ඕනෑම දැඩි...