අදත් වෙඩිතැබීමක්!

0
885

රෂිකා හෙන්නායක පෙබරවාරි 26, කොළඹ (LNW):

අද (26) උදෑසන 11ට පමණ මිනුවන්ගොඩ, පත්තඩුවන මංසන්ධියේ දී වෙඩිතැබීමක් සිදුව ඇති බව පොලීසිය කියා සිටී.

එම වෙඩිතැබීමෙන් වයස අවුරුදු 36ක පමණ පුද්ගලයෙකු තුවාල ලබා ඇති බව පැවසේ.

ඒ අනුව අදාළ වෙඩි වැදුණු පුද්ගලයා මේ වනවිට රෝහල්ගත කර ඇති බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක, ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි බුද්ධික මනතුංග මහතා කියා සිටියේය.