මාංචු දාලා තමයි සැකකරුවන් ආයුධ පෙන්නන්න ගෙනිහින් තියෙන්නේ. දෙන්නාටම එක මාංචුවයි – ඇමති ආනන්ද

Date:

සටහන – රුවන් නෙළුගොල්ල

කොටහේන ප්‍රදේශයේදී පුද්ගලයකු ඝාතනය කිරීම සම්බන්ධයෙන් අත් අඩංගුවට ගෙන සිටි සැකකරුවන් දෙදෙනා ආයුධ පෙන්වීමට ගෙනයාමේදී පොලිස් වෙඩි පහරින් ඝාතනය වීම සම්බන්ධයෙන් පොලිස්පතිවරයාගෙන් වාර්තාවක් කැඳවා ඇති බව මහජන ආරක්ෂක අමාත්‍ය ආනන්ද විජේපාල පවසයි.

ප්‍රශ්නය – පොලිස් අත් අඩංගුවේ සිටි සැකකරුවන් දෙදෙනෙකු ආයුධ පෙන්වන්න ගිහිල්ලා මියගිහිල්ලා තියෙනවා ?

“කොටහේන සිද්ධිය සම්බන්ධයෙන් අධිකරණයට කරුණු වාර්තා කරනවා. ඒ වගේම පොලිස්පතිතුමාට ඒ සම්බන්ධයෙන් වාර්තාවක් ලබාදෙන්න කියලාත් අපි කියලා තිබෙනවා”

ප්‍රශ්නය – ඒ කියන්නෙ හෑන්ඩ් කෆ් නැතිවද මේ සැකකරුවන් තවමත් අරන් යන්නෙ ?

“නෑ, නෑ … හෑන්ඩ් කප් දාගෙන අරන් ගිහින් තියෙන්නෙ. හෑන්ඩ් කප් දෙදෙනාටම එක හෑන්ඩ් කප් එකක් දාගෙන අරන් ගිහින් තියෙනවා”

ආනන්ද විජේපාල ඇමතිවරයා මේ බව පැවසුවේ ගම්පහ, කෑරගල පොලිස් මුරපොල නව පොලිස් ස්ථානයක් වශයෙන් ඉදිකර විවෘත කිරීමේ උත්සවයට ඊයේ (පෙබරවාරි 26) එක්වීමෙන් අනතුරුව මාධ්‍ය වෙත අදහස් දක්වමිනි.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

ඇරඹූ ප්‍රතිසංස්කරණ කටයුතු සියල්ල අවසන් අදියරේ!

රෂිකා හෙන්නායක ජනවාරි 10, කොළඹ LNW : ආපදාවෙන් රට තුළ...

හිම වැටෙන රාත්‍රියක රෝස අහසක්! Real-Life Stranger Things Moment

සටහන – පුලී ජනවාරි 10, කොළඹ (LNW): ඉකුත් බ්‍රහස්පතින්දා රාත්‍රියේ බටහිර...

අධ්‍යාපන ප්‍රතිසංස්කරණ ඕනේ. හැබැයි පිටරටින් කොපි කරපුවා එපා – නාමල්

කොළඹ LNW:නව අධ්‍යාපන ප්‍රතිසංස්කරණ යටතේ හඳුන්වා දී ඇති 6...

2026 වසර සඳහා ජාතික විභාග 7ක්!

රෂිකා හෙන්නායක ජනවාරි 10, කොළඹ LNW : මේ වසරේ පැවැත්වෙන...