තැන තැන ඉන්ධන පෝලිම්. ප්‍රශ්නය විසඳන්න තෙල් සංස්ථාව සහ බෙදුම්කරුවන් අතර සාකච්ඡා !

අද (28) මධ්‍යම රාත්‍රියේ සිට ඉන්ධන ඇනවුම් කිරීමේ කටයුතුවලින් ඉවත් වීමට ඉන්ධන බෙදුම්කරුවන් තීරණය කර ඇති බව නිවේදනය කිරීමෙන් අනතුරුව මේ වනවිට ඉන්ධන පිරවුම්හල් අසල පෝලිම් ඇතිවෙමින් පවතින බව වාර්තා වේ.

මෙම තත්වය උද්ගත වූයේ ඉන්ධන බෙදුම්කරුවන්ට මේ වන විට හිමිවන 3%ක වට්ටම් මුදල අහෝසි කර, හෙට දිනයේ සිට ක්‍රියාත්මක වන පරිදි නව සමීකරණයකට අනුව ගෙවීම් සිදු කිරීමට ඛණිජ තෙල් නීතිගත සංස්ථාව තීරණය කිරීමත් එම තීරණයට ඉන්ධන බෙදුම්කරුවන් විරෝධය පළකිරීමත් සමග ය.

කෙසේවෙතත් මෙම ප්‍රශ්නය නිරාකරණය කරගැනීම සඳහා තෙල් සංස්ථා බලධාරීන් සහ ඉන්ධන බෙදුම්කරුවන් අතර විශේෂ සාකච්ඡාවක් මේ වනවිට පැවැත්වෙමින් ඇති බව ආරංචිමාර්ග පැවසීය.

ඒ අනුව අද මධ්‍යම රාත්‍රිය වීමට පෙර කෙසේ හෝ මෙම ප්‍රශ්නය විසඳාගැනීමට කටයුතු කරන බව තෙල් සංස්ථා බලධාරීන් ප්‍රකාශ කළ බවත් ආරංචිමාර්ග වැඩිදුරටත් සඳහන් කළේය.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

ඥානසාර හිමි නිදහස් කරන ඉල්ලීම ගැන තීරණයකට ජනාධිපති ලේකම් මාසයක් කල් ඉල්ලයි

බන්ධනාගාරගතව සිටින ගලගොඩඅත්තේ ඥානසාර හිමියන්ට නිදහස ලබාදෙන ලෙස ඉල්ලමින්...

මේ තවත් ගෝල්ෆේස් අරගලයක්ද ?

ඉතිහාසය වෙනත් විදියකට ආයේ ආයෙත් සිද්ද වෙනවා වගේ පේනවා. අපි...

සෞදි ආසියා කුසලානය කල් දැමීමේ අවදානමක්!

රෂිකා හෙන්නායක ඔක්තෝබර් 15, කොළඹ LNW : සවුදි අරාබියේ ආසියානු...

කොළඹට විතරක් නෙවෙයි නුවරටත් මෙට්‍රො!

රෂිකා හෙන්නායක ඔක්තෝබර් 15 කොළඹ LNW : බස්නාහිර පළාතට පමණක්...