රුමේෂ් වාර්තාවක් සමඟ පර්ත් ජය ගනියි

Date:

සටහන – නිශ්මං රණසිංහ
මාර්තු 02, (LNW)කොළඹ :

පර්ත් හී අවසන් වුණ 2025 Perth Track Classic තරගාවලියේ පිරිමි හෙල්ල වීසි කිරීමේ තරගය එම ක්‍රීඩා උළෙලට අදාළව නව වාර්තාවක් තබමින් ජය ගන්නට රුමේෂ් තරංගට හැකි වෙනවා.තරගයට පෙර සටහනෙන් අප කියූ පරිදි රුමේෂ්ට එරෙහිව මේ තරගයේදී වැඩිම බලපෑම ඇති කළේ ජපානයේ රින් සුසුකි සහ යුටා සකියාමා යන දෙදෙනායි.මේ තරගයට ඉදිරිපත් වූ තරගකරුවන් අතිරින් හත් දෙනෙකුම තමන්ගේ හොඳම කාලීන දක්ෂතාවය හෝ හොඳම පෞද්ගලික දක්ෂතාවය දැක්වීම කැපී පෙණුනා.


ශ්‍රී ලංකා වාර්තාලාභියා වන රුමේෂ් මේ තරගයේදී ඊට සෙන්ටි මීටර් 4 ක් අඩු දක්ෂකාවයක් දක්වමින් මීටර් 85.41 ක දක්ෂතාවයක් දක්වන්නට සමත් වුණා.එය ජපානයේ ටෝකියෝ නගරය කේන්ද්‍ර කර ගනිමින් මේ වසරේ සැප්තැම්බර් 13 සිට 21 දක්වා පැවත්වෙන ලෝක සූරතා මලල ක්‍රීඩා තරගාවලියට සෘජු සුදුසුකම් ලැබීමේ දුර වන මීටර් 85.50 ට වඩා සෙන්ටි මීටර් 9 ක් අඩු දුරක්.
එහෙත් මෙම තරගාවලියට සුදුසුකම් ලබා ගැනීමට කාලය මේ වසරේ අගෝස්තු 25 වන දා දක්වා පවතින බැවින් ඒ සඳහා සෘජු සුදුසුකම් ලැබීමට හැකි වන පරිදි හෝ තරග කිරීමෙන් අත් කර ගන්නා ලකුණු අනුව සුදුසුකම් ලැබීමට හැකි වන පරිදි තරග අවස්ථා ලබා දීම ක්‍රීඩා බලධාරීන්ගේ යුතුකම වෙනවා.එහිදී ජාත්‍යන්තර මලල ක්‍රීඩා සංගමයේ ඉහළ ශ්‍රේණි මලල ක්‍රීඩා තරගාවලි සඳහා රුමේෂ්ට ඇතුළත් කිරිමට ඇති හැකියාව සළකා බැලීම වැදගත් වෙනවා.එහිදී දක්වන දක්ෂතාවයට මලල ක්‍රීඩා ලකුණු සටහනෙන් එන ලකුණු ප්‍රමාණයට අමතරව උළෙලේ ශ්‍රේණියට අදාළව ද ලකුණු ප්‍රමාණයක් එකතු වෙනවා.


මේ තරගාවලිය නියෝජනය සඳහා එක්ව සිටි අරුණ දර්ශන තරග ආරම්භක ස්ථානයට වාර්තා කර තිබුණේ නැහැ.මේ සමඟ රුමේෂ් තරංගගේ තරගයේ ප්‍රතිපල සටහනත් ඔහු තරග වැදුණු ආකාරයත් දැක ගන්නට හැකියි.

http://www.sportwaynews.com/

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

ආපදාවෙන් ධීවර කේෂ්ත්‍රයේ සිදු වූ හානිය තක්සේරු කිරීමට නව වැඩපිළිවෙලක්!

රෂිකා හෙන්නායක දෙසැම්බර් 28, කොළඹ LNW: ආපදාවෙන් ධීවර කේෂ්ත්‍රයේ සිදු...

2026 වර්ෂය අදාළව රජයේ නිවාඩු 26ක්!

රෂිකා හෙන්නායක දෙසැම්බර් 28, කොළඹ LNW : 2026 වර්ෂය අදාළව...

නීතීඥවරියකට බැන තර්ජනය කිරීම : නගරාධිපති රන්ජන් පොලීසියට නොඑයි, අසනීපයි කියා රෝහල්ගත වෙයි

කඩුවෙල නගරාධිපති රන්ජන් ජයලාල් විසින් නීතීඥවරියකට බැන තර්ජනය කිරීමේ...

HI සුසන්ත

නිශ්මං රණසිංහ දෙසැම්බර් 28, කොළඹ LNW: දුරකථනය නාද වුව ද...