ඇමෙරිකා යුක්රේන ගැටුම දුරදිග යයි: යුරෝපා සංගමයත් මැදිහත් වෙයි.

Date:

අශෝක ජයතුංග

මාර්තු 02 වොෂින්ටන් LNW :

🍎ඇමෙරිකාව වෙනුවට අනාගත ජර්මන් චාන්සලර් ගෝලීය බලවතා ලෙස පිළිගැනීමට යුරෝපා සංගමයෙන් ඉගියක්.

🍎යුද්ධයට වැයකල මුදලේ හිලව්වට යුක්රේන ඛනිජ වලින් 50%ක් ඇමෙරිකාවට ඔිනෑ.

🍎යුක්රේනයට නේටෝ සාමාජිකත්වය දෙනවා නම් ඉල්ලා අස්වෙනවා – සෙලෙන්ස්කි කියයි.

ට්‍රම්ප් හා යුක්රේන ජනපති සෙලෙන්ස්කි අතර ගැටුමෙන් පසු යුරෝපා සංගමය සෘජුවම ඊට අත තබන පසුබිමක් නිර්මාණයවී තිබේ. යුරෝපා සංගමයේ ප්‍රබලයෙකු වන එහි විදේශ ප්‍රතිපත්ති ප්‍රධානී කාජා කලාස් ප්‍රකාශ කළේ චීනය උතුරු කොරියාව ඉරානය වැනි රුසියාවේ හිතෛශීයෙකු බවට පත්ව ඇති ඇමෙරිකාව ගෝලීය බලවතා ලෙස පිළිගැනීමට යුරෝපා සංගමයේ රටවල් 27 ට මින් පසු අසීරු වන බවය.

ඒ තුළ අනාගත ජර්මන් චාන්සලර් පෙඩ්රික් මර්ස් ගෝලීය නායකයා ලෙස පත්වීම සුදුසු බවට ද ඔහු ඉගි කර තිබිණ.තවද කොන්දේසි විරහිතව යුක්රේනය වෙනුවෙන් පෙනී සිටීම යුරෝපා සංගමයේ වගකීමක් ලෙස සලකන බව ද ඔහු කියා තිබිණ. ට්‍රම්ප් හා සෙලෙන්ස්කි ගේ මත ගැටුම ගැන අදහස් පළකල කලාස් කියා තිබුණේ තම රට වෙනුවෙන් පෙනී සිටි අදීන නායකයෙකු හා රුසියාව වෙනුවෙන් පෙනී සිටින බියගුල්ලෙකු අතර හමුවක් ධවල මන්දිරයේදී සිදුචු බවය.

ඇමෙරිකානු විදේශ ලේකම් මාර්කෝ රුබියෝ CNN වෙත  කියා තිබුණේ සෙලෙන්ස්කි ජනපති ට්‍රම්ප් ගෙන් සමාව ගත යුතු බවය. ප්‍රතිචාර ලෙස යුක්රේනය ප්‍රතිචාර දක්වා තිබුණේ තම රටට නේටෝ වේ සාමාජිකත්වය ලබා දෙන්නේ නම් සෙලෙන්ස්කි සාමය වෙනුවෙන් ජනපති ධුරයෙන් ඉල්ලා අස්වීමට සූදානම් බව යුක්රේන සංසද 2025 සමුළුවේදී සෙලෙන්ස්කි ප්‍රකාශ කල බවය.

ඇමෙරිකානුවන්ගේ බදු මුදලින් යුරෝපය රැකීමට ඇමෙරිකාවට ඇති රුදාව ගැන ප්‍රශ්න කරන ඇමෙරිකාව කියනුයේ යුරෝපා රටවල් ඇමෙරිකානු භාණ්ඩ මිලට නොගැනීම තුළ වසරකට ඩො බිලි 300 ක වෙළෙද පරතරයක්ද පවත්වාගෙන යන බව හා ඉන් ඇමෙරිකාවට අධික පාඩුවක් යුරෝපය විසින් සිදුකරන බවය. තවද යුරෝපා රටවල් සිය අයවැයෙන් මීට වඩා වැඩි මුදලක් නේටෝවට වෙන් කිරීමේ දැඩි අවශ්‍යතාව ද ඇමෙරිකාව අවධාරණය කොට තිබෙි.එමෙන්ම යුක්රේනය වෙනුවෙන් යුද්ධයට වැයකල අති විශාල මුදලට සරිලන ලෙස යුක්රේනයේ ඛනිජ සම්පත් වලින් 50%ක් ඇමෙරිකාවට ලබා දෙන ගිවිසුම ඉක්මන් කළයුතු බවටද ඇමෙරිකාව බලකර සිටී. එම ගිවිසුම රැගෙන ට්‍රම්ප් නියෝජිතයෙකු යුක්රේනයට ගියද සෙලෙන්ස්කි ඔහු හරවා එවා තිබිණ. යුක්රේනයේ ආරක්ෂාව හා රුසියාව පරාජය කිරීමේ ස්ථාවරය සමග අමෙරිකාව සිට ගන්නා තෙක් එවැනි ගිවිසුමක් ගැන අවධානය යොමු කිරීමේ අවශ්‍යතාවක් නොමැති බව සෙලෙන්ස්කිගේ ස්ථාවරයවී තිබිණ.

දැනට වර්ධනය වන පසුබිම තුළ ඇමෙරිකාවේ සාම්ප්‍රධායික සතුරා වන රුසියාව සිය මිතුරා කරගෙන තම සාම්පුධායික මිතුරා වන  යුරෝපා සංගමය සතුරා කරගැනීමට ඇමෙරිකාවේ ට්‍රම්ප් පාළනය උත්සාහ කරන බවට ද ගැඹුරු විග්‍රහ පවතී. තවද වසර 80 ක ඇමෙරිකාවේ හා යුරෝපයේ ආරක්ෂාව වෙනුවෙන් ස්ථාපිත කළ නේටෝ සංවිධානයේ හා ඇමෙරිකානු සබදතාව ද සීග්‍රයෙන් පලුදු වන ලක්ෂණ පෙන්නුම් කරන අතර එහි වැඩි අවාසිය යුරෝපයට බව ද කියවේ. පවතින තත්වය තුළ ඇමෙරිකාව තනිවෙන ලකුණු පහළවී තිබෙන අතර පුටන් සිය වසර 25 ක දේශපාලන අත්දැකීම් තුළ ලොව සිටි ප්‍රධානතම එදිරිවාදයා තම මතවාද වලට ගොනු කර ගැනෘමට සමත්වෘම ඔහු ලැබඋ විජයග්‍රහණයක් බවය. එම තත්ත්වය ගෝලීය දේශපාලන හා ආර්ථක පසුබිමට කවර බලපෑම් කරාවිද යන්න කීමට තවම කල් මදිය.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

IMF හතරවැනි ණය වාරිකයට අනුමැතිය

සටහන - රුවන් නෙළුගොල්ල ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ විධායක මණ්ඩලය විසින්...

දේශපාලනය පුස්තකාලයක් නම් ගාමිණී ලොකුගේ කාවෙකි !

කලකට පෙර මිය ගිය මිනිසෙකුගේ කායික මරණය ගැන පුවත...

අගෝස්තු අග වෙද්දී ආර්ථිකය ඉතාම අමාරු තැනකට යනවා. 2026 මුල විශාල ආර්ථික අර්බුදයක් එනවා – රාජිත

සටහන - රුවන් නෙළුගොල්ල වත්මන් ආණ්ඩුවට ආර්ථිකය සම්බන්ධයෙන් කිසිදු වැඩපිළිවෙලක්...

සජබ මතුගම බලය ඇල්ලුවේ ත්‍රස්තවාදයෙන්. ඉදිරියේදී ඒ අයට පසුතැවෙන්න වෙයි – ඇමති නලින්ද

සටහන - රුවන් නෙළුගොල්ල මතුගම ප්‍රාදේශීය සභාවේ බලය සමගි ජන...