2025 අයවැයෙන් ව්‍යාපෘති ක්‍රියාත්මක කිරීමට අමාත්‍යංශ මට්ටමින් නව වැඩසටහනක්!

Date:

රෂිකා හෙන්නායක මාර්තු 02, කොළඹ (LNW):

පසුගියදා ජනාධිපතිවරයා විසින්, පාර්ලිමේන්තුවට ඉදිරිපත් කළ අයවැය කථාව තුළ වූ මුදලත්, අයවැය යෝජනා සඳහා වෙන් වන්නාවූ මුදලත් ඵලදායී ලෙස භාවිතා කිරීමට තම අමාත්‍යංශය යටතේ ඇති ආයතනවල නිලධාරීන්, ප්‍රමුඛතා ලේඛනය මත පදනම්ව ව්‍යාපෘති සැලසුම් කිරීම සහ ක්‍රියාත්මක කිරීම සම්බන්ධයෙන් සාකච්ඡා දැනටමත් සිදුකර ඇති බව නාගරික සංවර්ධන, ඉදිකිරීම් හා නිවාස අමාත්‍ය අනුර කරුණාතිලක මහතා පවසයි.

අදාළ මුදල් වර්ෂය තුළ එම ප්‍රතිපාදන උපරිම ඵලදායිතාවයෙන් හා විනිවිදභාවයෙන් යුතුව භාවිතා කිරීමේ වැදගත්කම ද ඔහු මෙහිදී අවධාරණය කළ අතරම, දසවැනි පාර්ලිමේන්තුවේ පළමු සභාවාරය සඳහා වන නාගරික සංවර්ධන, ඉදිකිරීම් හා නිවාස කටයුතු පිළිබඳ අමාත්‍යංශයීය උපදේශක කාරක සභාවේ පළමු රැස්වීම අමාත්‍යවරයාගේ ප්‍රධානත්වයෙන් පාර්ලිමේන්තුවේදී පැවති අවස්ථාවේදී අමාත්‍යවරයා එම අදහස් පළ කළේය.

නගර සංවර්ධන සැලසුම් නියමිත කාල රාමුව තුළ අවසන් කිරීමත්, මහජනතාවට ප්‍රතිලාභ සැලසෙන ව්‍යාපෘත ප්‍රමුඛතාවය අනුව ක්‍රියාත්මක කිරීම සහතික කිරීම සඳහා නිසි යාන්ත්‍රණයක් නොමැතිවීම පිළිබඳව ද පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් කාරක සභාවේ අවධානයට යොමු කර තිබෙන අතර, නාගරික සංවර්ධන අධිකාරිය, සංවර්ධන සැලසුම් සකස් කිරීමේදී යටිතල පහසුකම් සපයන අනෙකුත් සියලුම රාජ්‍ය ආයතනවල අදහස්, යෝජනා ලබා ගතයුතු බවත් ඒ අනුව සකස්වන සංවර්ධන සැලසුම් ක්‍රියාත්මක කිරීමේදී එම වගකීම් දරන ඊට අදාළ සියලුම රාජ්යේ ආයතන, අනුමත වන සංවර්ධන සැලැස්මට අනුකූලව ක්‍රියා කළ යුතු බවත් අමාත්‍යවරයා එහිදී අවධාරණය කළේය.

පසුගිය කාලය තුළ එවැනි සම්බන්ධීකරණයක් සිදු වී නොමැති බව නිරීක්ෂයණය වී ඇති බවත්, එය ව්‍යාපෘති ක්‍රියාත්මක කිරීමේදී සිදුවන ප්‍රමාදයන්ට හා අකාර්යක්ෂවමතාවන්ට බලපාන බවත් අමාත්‍යවරයා පෙන්වා දුන් අතර, දිස්ත්‍රික් සංවර්ධන කමිටු සහ ප්‍රදේශීය සංවර්ධන කමිටු හරහා ආයතන අතර සම්බන්ධීකරණය වැඩිදියුණු කිරීම සඳහා ක්‍රමවේදයක් හඳුන්වාදීමේ අවශ්‍යතාවය ද අමාත්‍යවරයා එහිදී අවධාරණය කළේය.

පාර්ලිමේන්තු සන්නිවේදන දෙපාර්තමේන්තුව පැවසුවේ, පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් විසින් ඉදිරිපත් කරන ලද විවිධ යෝජනා සහ ගැටළු පිළිබඳව ද කාරක සභාවේදී සාකච්ඡා කළ අතර, ඒවා සැලකිල්ලට ගන්නා ලෙස ද සභාපතිවරයා නිලධාරීන් වෙත උපදෙස් ලබාදුන් බවයි.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

කොළඹ කොටස් වෙළෙඳපොළ තැබූ ඉතිහාසගත වාර්තාව!

රෂිකා හෙන්නායක අගෝස්තු 04, කොළඹ LNW: ඉතිහාසයේ ප්‍රථම වරට අද...

 Sochi තෙල් පිරිපහදු සහ ගබඩා සංකීර්ණයට ඩ්‍රෝන ප්‍රහාරයක්!

රෂිකා හෙන්නායක අගෝස්තු 04, ලෝකය (අවුට්බවුන්ඩ් ටුඩේ): Sochi තෙල් පිරිපහදු...

පොදු පෙරමුණේ නව බලාපොරොත්තුව!

රෂිකා හෙන්නායක අගෝස්තු 04, කොළඹ LNW: ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ...

වීදි කලාව ගහක මුලක්, කොලයක්, මලක් වුවත් ජීවමාන කරවන රූප මවනු ඇත!

සටහන – පුලී අගෝස්තු 04, කොළඹ (LNW): නාගරික උද්‍යානවල ජ්‍යාමිතික රටා...