*
Tuesday, March 18, 2025
spot_img

Latest Posts

චැම්පියන්ස් කුසලානයට සුදුසු වූවන්ගෙන් අඩක්ම ආසියාවේ වුණත් අවසාන පූර්ව තරගයට එකයි

සටහන – නිශ්මං රණසිංහ
මාර්තු 02, (LNW)කොළඹ

චැම්පියන්ස් කුසලාන ක්‍රිකට් තරගාවලියේ අවසාන තරගය කා අතර පැවත්වෙනු ඇත් ද යන්න තීරණය කිරීමට පෙර අවසාන පූර්ව තරග සඳහා තරග වඳින්නේ කුමන කණ්ඩායම් ද යන්න තීරණය වී තිබෙනවා.ඒ කාණ්ඩයෙන් නවසීලන්තය සහ ඉන්දියාවත්,පී කාණ්ඩයෙන් දකුණු අප්‍රිකාව සහ ඔස්ට්‍රේලියාවත් අවසාන පූර්ව තරග සඳහා පිවිස සිටිනවා.


මේ කණ්ඩායම් අවසන් පූර්ව තරගවලදී කෙසේ හමුවන්නේ ද යන්න තීරණය වන්නේ අද පැවත්වෙන මේ වන විටත් අවසාන පූර්ව තරග සඳහා සුදුසුකම් ලබා සිටින ඉන්දියාව සහ නවසීලන්තය අතර පැවත්වෙන තරගයේ තීරණයට අනුවයි.මෙම තරගයෙන් නවසීලන්තය ජය ගතහොත් ඔවුන්ට අවසාන පූර්ව තරගයේදී ඔස්ට්‍රේලියාව සමග තරග කරන්නට සිඳු වෙනවා.ඉන්දියාව ජය ගත්තොත් ඔස්ට්‍රේලියාව සමඟ තරග කරන්න වෙන්නේ ඉන්දියාවටයි.


මේ තරගාවලිය ආසියාව කේන්ද්‍ර කරගෙන පැවතුණත් ආසියාවෙන් අවසාන කණ්ඩායම් හතර අතරට එන්න හැකි වී තිබෙන්නේ ඉන්දියාවට පමණයි.කලෙකට පසු පකිස්තානයට ජාත්‍යන්තර තරග අවස්ථා ලැබුණත් ඔවුන්ට ජයග්‍රහණ ලබා ගැනීමට වාසනාව තිබුණේ නැහැ.සාමාන්‍යයෙන් ආසියානු තණතීරුවල දඟ පන්දු යවන්නන්ගේ දක්ෂතාවලට ලොකු ඉඩක් ලැබෙන බව විශ්වාස කළත් මෙම තරගාවලියේ පිතිකරුවන්ට වැඩියෙන්ම බාධා කරේ වේග පන්දු යවන්නන් වීම නිසා අවසාන පූර්ව තරගවලදීත් වේග පන්දු යවන්නන්ට විශාල කාර්යභාරයක් පැවරෙන්නට නියමිතයි.


ක්‍රීඩක පෞද්ගලික දක්ෂතා සැළකිල්ලට ගනිද්දි විශේෂ දෙයක් හැටියට දකින්නට තිබෙන්නේ ඉදිරියෙන් සිටින ක්‍රීඩකයින් සිටින කණ්ඩායම් මේ වන විට තරගාවලියෙන් ඉවත්ව සිටීමයි.පිතිකරණයේ මුල් ස්ථාන තුන එංගලන්තයේ බෙන් ඩකට්,එංගලන්තයේම ජෝ රූට් සහ ඇෆ්ගනිස්තානයේ ඉබ්‍රාහීම් ෂර්ඩාන් පිළිවෙලින් එක දෙක තුන හැටියට දිනා ගෙන සිටිනවා.මේ කණ්ඩායම් දෙකම අවසාන පූර්ව තරගවලදී දකින්නට නැහැ.
පන්දු යැවීම ගත් විටත් ඉදිරියෙන් සිටින්නේ ඇෆ්ගනිස්තානයේ අෂමතුල්ලාහ් ඔමර්සායි වන අතර ඔස්ට්‍රේලියාවේ බෙන් ඩ්වාර්ෂ්හුස් දෙවන තැනට පැමිණ සිටිනවා.එංගලන්ත පන්දු යවන්නන් අතරින් දැඩි ප්‍රහාරයකට ලක් වූ ජොබ්රා ආචර් තෙවැන්නාව සිටිනවා.ඒ නිසා කණ්ඩායම් ක්‍රීඩාවක පෞද්ගලික දක්ෂතාවලට වඩා කණ්ඩායමක් හැටියට එම මොහොතට අදාළව ගොඩ නැඟීම සිඳුවනාකාරය වැදගත් වෙනවා.මේ කණ්ඩායම් හතර තුළම දකින්නට ලැබුණේ උදාවන තත්ත්වය කළමණාකරණයට කණ්ඩායමක් හැටියට දක්වන දායකත්වයයි.එය එංගලන්තය සහ ඔස්ට්‍රේලියාව අතර තරගයේදී ඔස්ට්‍රේලියානු කණ්ඩායම මොනවට ප්‍රදර්ශණය කළා.


ඉහත සඳහන් කරන ලද තත්ත්වය අනුව ආසියාතික පරිසරයක තරගාවලිය පැවත්වෙද්දී සුදුසුකම් ලබන ලද කණ්ඩායම් අතර නොසිටියේ ශ්‍රී ලංකාව පමණයි.ඉන්දියාව,පකිස්තානය,ඇෆ්ගනිස්තානය සහ බංගලාදේශය ලෙස සහභාගි වූ කණ්ඩායම් අටෙන් හතරක්ම ආසියාතික කණ්ඩායම් වුණා.හරියටම සහභාගි වූ කණ්ඩායම් අටෙන් භාගයක්ම ආසියාතික කණ්ඩායම් වෙද්දී අවසාන තරගයට ඔස්ට්‍රේලියානු මහද්වීපය නියෝජනය කරමින් සහභාගි වූ කණ්ඩායම් දෙකම අවසාන පූර්ව වටයට පිවිස තිබෙනවා.ඔස්ට්‍රේලියාව සහ නවසීලන්තය මේ තරගාවලිය තුළ උදාවන තත්ත්වයන් කළමණාකරනය කර ගැනීමට දක්වන කුසලතාවය සහ ඊට මුහුණ දීමේදී ක්‍රීඩකයින් දක්වන වෘත්තිමයභාවය අනන්‍යතාවය කරගෙන වැටීම් නැගටීම් බවට පත් කර ගන්න සමත්කම් දක්වා තිබෙනවා.


දකුණු අප්‍රිකාව මේ තරගාවලියේ දක්වන දස්කම් ඉතා ඉහළ මට්ටමක පවතිනවා.ඉන්දියාවත් ඉතා හොඳන් තරගාවලියේ තරග කරමින් සිටිනවා.මේ නිසා සූරතාවය සම්බන්ධයෙන් අදහස් පළ කිරීමේ දී වඩා විවෘත තත්ත්වයක තරගාවලියේ කණ්ඩායම් හතරටම සූරතාවය දිනා ගත හැකි ශක්‍යතා ඇති බව පිළිගත යුතු වෙනවා.ඉතිහාසය ගත් විට මේ සූරතාවලි ජය ගැනීමේදී එම අභියෝගයට මුහුණ දීමේ හැකියාවෙන් ඉන්දියාව සහ ඔස්ට්‍රේලියාව යම් ආකාරයකින් ඉදිරියෙන් සිටියත් මේ තරගාවලියේ දී මේ දක්වා නවසීලන්තය සහ දකුණු අප්‍රිකාව දක්වා ඇති දස්කම් සුළුවට ගත නොහැකියි.

http://www.sportwaynews.com/

Latest Posts

spot_img

දේශපා

Don't Miss

eskişehir escort sakarya escort sakarya escort bayan eskişehir escort bayan