ධම්මිකගේ ඩීපී එඩියුකේෂන් අයිටී කැම්පස් ජාලය තවත් ව්‍යාප්ත වෙයි. 165 වැනි ශාඛාව අරිසිමලේට

සටහන – රුවන් නෙළුගොල්ල

මෙරට තොරතුරු තාක්ෂණ ක්ෂේත්‍රයේ රැකියා දස ලක්ෂයක් බිහිකිරීමේ අරමුණින් යුතුව ධම්මික සහ ප්‍රිසිලා පෙරේරා පදනම විසින් ක්‍රියාත්මක කර ඇති ඩීපී එඩියුකේෂන් අයිටී කැම්පස් වැඩසටහනේ 165 වැනි ශාඛාව 2025 පෙබරවාරි 23 වනදා විවෘත කෙරිණි.

ඒ, ත්‍රිකුණාමලය දිස්ත්‍රික්කයේ කුච්චවේලි ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ අරිසිමලේ ආරණ්‍ය සේනාසන විහාරස්ථානයේදී ය.

මහා සංඝරත්නය, ප්‍රදේශයේ ගුරු – විදුහල්පතිවරුන්, දෙමව්පියන්, සිසු සිසුවියන් ඇතුළු විශාල පිරිසක් මෙම අවස්ථාවට එක්ව සිටියහ.

ඩීපී එඩියුකේෂන් අයිටී කැම්පස් වැඩසටහන මගින් සම්පූර්ණයෙන්ම නොමිලේ ලබාදෙන පරිගණක භාෂා පාඨමාලාවෙහි වටිනාකම රුපියල් ලක්ෂ 25 කි. මෙය රැකියා ඉලක්කගත පාඨමාලාවක් වන අතර මෙම පාඨමාලාව හදාරන සිසු සිසුවියන්ට තොරතුරු තාක්ෂණ ක්ෂේත්‍රයේ රැකියා සඳහා අවශ්‍ය මූලික සුදුසුකම් සම්පූර්ණ වේ. එමෙන්ම ඔවුන්ට මොරටුව, කැළණිය සහ රුහුණ යන විශ්වවිද්‍යාල මගින් පවත්වාගෙන යන පාඨමාලා හදාරමින් වැඩිදුර අධ්‍යාපනයට ප්‍රවේශ වීමේ වරම් ද හිමිවේ.

ඔබේ දරුවාත් සම්පූර්ණයෙන්ම නොමිලේ ලබාදෙන රුපියල් ලක්ෂ 25ක් වටිනා පරිගණක භාෂා පාඨමාලාවට යොමුකිරීම සඳහා ඔබේ ළඟම ඇති ඩීපී එඩියුකේෂන් අයිටී කැම්පස් ශාඛාව සමග සම්බන්ධ වීමට මෙතැනින් යොමුවන්න.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

අද (09) දවසේ වැසි තත්වය

සටහන - රුවන් නෙළුගොල්ල අද (ඔක්තෝබර් 09) දිනයේදී දිවයිනේ බොහෝ...

ජංගම ගිණුම – අගෝස්තු 2026

මාස හතරකට පසුව, 2026 අගෝස්තු මාසයේදී විදේශ අංශයේ ජංගම...

Quantum AI Limited එක්ක ගනුදෙනු එපා – සුරැකුම්පත් කොමිසම අනතුරු හඟවයි

Quantum AI Limited නමැති ආයතනය ශ්‍රී ලංකාව තුළ සුරැකුම්පත්...

විමල්ගේ අයථා වත්කම් නඩුව : සාක්ෂිකරුවන් තිදෙනෙකුට සිතාසි

සටහන - රුවන් නෙළුගොල්ල 2010 වසරේ සිට 2014 වසර දක්වා...