ප්‍රබල ආර්ථිකයකින් සමන්විත පළාත් රටේ සමස්ත සංවර්ධන වෙනුවෙන් පෙරමුණ ගෙන කටයුතු කළ යුතුයි – චීන ජනපති

Date:

කොළඹ LNW:’14 වැනි පස්අවුරුදු සැලැස්මේ’ සංවර්ධන ඉලක්ක මැනවින් සපුරාලීම සඳහා ප්‍රබල ආර්ථිකයකින් සමන්විත පළාත් පෙරමුණ ගෙන කටයුතු කළ යුතු බව චීන ජනාධිපති ෂී ජින්පිං මහතා අවධාරණය කරයි. හෙතෙම ඊයේ(05) පස්වරුවේ 14 වැනි චීන ජාතික මහජන කොංග්‍රසයේ 3 වැනි සැසියේ Jiangsu පළාතේ නියෝජිත කණ්ඩායමේ සාකච්ඡාවට එක් වෙමින් මේ බව සඳහන් කළේය.

Jiangsu පළාත සිය වගකීම් හා යුතුකම් ඉටු කිරීමේදී තමාට අනන්‍ය වූ ලක්ෂන මැනවින් හඳුනා ගෙන විද්‍යා හා තාක්ෂණ නවෝත්පාදන සහ කර්මාන්ත නවෝත්පාදන ඒකාබද්ධ කිරීමට දායක විය යුතුය. සමස්ත ජනතාවට සැපවත් ජීවිතයක් පොදුවේ අත්විඳිය හැකි පරිදි ආදර්ශවත් කාර්යභාරයක් ඉටු කරන්නැයි ෂී ජින්පිං මහතා Jiangsu පළාත් නියෝජිතයින්ට උපදෙස් දී තිබේ.

පූර්ණ හා නිසි අයුරින් නව සංවර්ධන සංකල්ප අනුගමනය කළ යුතු බව පැවසූ ජනාධිපතිවරයා Jiangsu පළාතේ ව්‍යාපාරික පරිසරය අඛණ්ඩව යහපත් මට්ටමක පවත්වා ගත යුතු බව කියා සිටී. එමගින්, ජාත්‍යන්තර සහයෝගිතා වපසරිය පුළුල් කරමින්, ‘එක් තීරයක් එක් මාවතක්’ වැඩපිළිවෙළ පොදුවේ ගොඩ නැංවීමට වැඩි දායකත්වයක් ලබා දෙන ලෙසත්, ඉහළ මට්ටමේ සංවර්ධනය තහවුරු කරන ලෙසත් ජනාධිපතිවරයා එහිදී Jiangsu පළාත් නියෝජිතයින්ට උපදෙස් දුන්නේය.

ජනාධිපති ෂී ජින්පිං මහතා Jiangsu පළාතේ 14 වැනි චීන ජාතික මහජන කොංග්‍රසයේ නියෝජිතයෙකු වීම ද විශේෂත්වයකි.

දිනූෂි ධීරසිංහ

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

2026 අශ්වයාගේ වසර පිළිගන්න චීනය සූදානමින්!

කොළඹ LNW: චීනය අනන්‍ය මෙන්ම විශේෂ සංස්කෘතික වටපිටාවකින් සැදුම්...

අපරාධ රැසකට සම්බන්ධ සැකකරුවෙකු හා සැකකාරියක් අත්අඩංගුවට!

රෂිකා හෙන්නායක දෙසැම්බර් 11, කොළඹ LNW : මරදාන පොලිස් වසමේදී...

බදුල්ලේ නාය යෑමේ අවධානමක් – පවුල් 238ක් ඉවත් කරයි

කොළඹ LNW:නායයෑම් අවදානම හේතුවෙන් බදුල්ල දිස්ත්‍රික්කයේ තවත් පවුල් 238කට...

ක්‍රීඩාවෙන් ගං වතුර බැස යයි – පස් කඳු ඉවත් වෙයි

නිශ්මං රණසිංහ දෙසැම්බර් 11, කොළඹ LNW: ව්‍යසනකාරී තත්ත්වයෙන් පසුව නැවත...