රනිල් ගැන නව පරීක්ෂණයක්!

Date:

රෂිකා හෙන්නායක මාර්තු 09, කොළඹ (LNW):

හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාට එල්ලවන චෝදනා සම්බන්ධයෙන් රජය නව පරීක්ෂණයක් ආරම්භ කරන බව මහජන ආරක්ෂක නියෝජ්‍ය අමාත්‍ය සුනිල් වටගල මහතා පවසයි.

ඒ බටලන්ද වාර්තාව ඔස්සේ මෙන්ම තවත් සිද්ධීන් කිහිපයක් සම්බන්ධයෙනි.

පසුගියදා අල් ජසීරා නාලිකාව පැවති සම්මුඛ සාකච්ඡාවකදී රනිල් වික්‍රමසිංහ මහතාගෙන් බටලන්ද වාර්තාව පිළිබඳව සෘජු ප්‍රශ්න කිරීමට් සිදු කළ අතර එහිදී හිටපු ජනාධිපතිවරයා එම වාර්තාව ප්‍රතික්ෂේප කළේ එය පාර්ලිමේන්තුවේ සභාගත කළ වාර්තාවක් නොවන බව පවසමිනි. මේ සම්බන්ධයෙන් මාධ්‍යවේදීන් සුනිල් වටගල නියෝජ්‍ය අමාත්‍යවරයාගෙන් ප්‍රශ්න කළ අතර, ඔහු සඳහන් කළේ බටලන්ද මෙන්ම මහ බැංකු බැඳුම්කර වංචාව සහ පාස්කු ඉරිදා ප්‍රහාර සම්බන්ධයෙන් කඩිනමින් විමර්ශන පවත්වන බවයි.

එම වාර්තාව පාර්ලිමේන්තුවේ සභා ගත කිරීම සම්බන්ධයෙන් අධිකරණ අමාත්‍යවරයා සමඟ සාකච්ඡා කළ යුතු බවද ඔහු වැඩිදුරටත් සඳහන් කළේය.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

ආරක්ෂාව තහවුරු කරන තෙක් නිවෙස් වෙත යන්න එපා – NBRO ජනතාවගෙන් ඉල්ලයි

ආශිකා බ්‍රාහ්මණ කොළඹ LNW:ආරක්ෂාව තහවුරු කරන තෙක් නැවත නිවෙස්වලට නොයන...

ආපදා මරණ 355ක් දක්වා වැඩි වෙයි. තවත් 366ක් අතුරුදහන්!

කොළඹ LNW: අයහපත් කාලගුණ තත්ත්වය හේතුවෙන් සිදුව ඇති ආපදා...

ආපදා තත්ත්වය ගැන නවතම වාර්තාව මෙන්න!

ආශිකා බ්‍රාහ්මණ කොළඹ LNW: අයහපත් කාලගුණ තත්ත්වය මත ඇති වූ...

තෙල් සහ ගෑස් ගැන ඉන්නේ බයෙන්ද? මෙන්න සැබෑ තත්ත්වය!

ආශිකා බ්‍රාහ්මණ කොළඹ LNW:රට තුළ තෙල් හෝ ගෑස් හිඟයක් ඇති...