අරුණ විදානගමගේ ඝාතනයට අදාළව තවත් සැකකරුවෙකු අත්අඩංගුවට!

රෂිකා හෙන්නායක මාර්තු 09, කොළඹ (LNW):

කුට්ටිගල ප්‍රදේශයේදී, අරුණ විදානගමගේ හෙවත් කජ්ජා නැමැත්තා සහ ඔහුගේ දරුවන් දෙදෙනා වෙඩි තබා ඝාතනය කිරීමට ආධාර අනුබල දුන් තවත් සැකකරුවෙකු අත්අඩංගුවට ගෙන තිබේ.

මෙම සිද්ධිය සම්බන්ධයෙන් අත්අඩංගුවට ගෙන ඇති සමස්ත සැකකරුවන් සංඛ්‍යාව, 12 ක් වේ. මිද්දෙණියේදී පසුගිය 18 වැනිදා කජ්ජා නැමැත්තා වෙඩි තබා ඝාතනය කළ අතර, එහිදී තුවාල ලැබූ ඔහුගේ දරු දෙදෙනා ද, පසුව මිය ගියහ. මෙම සිද්ධිය සම්බන්ධයෙන් වැඩිදුර විමර්ශන සිදුකරන්නේ, තංගල්ල කොට්ඨාස අපරාධ විමර්ශන කාර්යංශය විසිණි.