පාර්ලිමේන්තුවේ හිටපු චමල් ප්‍රාදේශීය සභාවට!

Date:

කොළඹ LNW:හිටපු අමාත්‍යවරයෙක් වූ ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණේ චමල් රාජපක්ෂ මහතා හම්බන්තොට දිස්ත්‍රික්කය නියෝජනය කරමින් එළඹෙන පළාත් පාලන මැතිවරණයට ඉදිරිපත්වීමට අපේක්ෂාවෙන් සිටියි.

ඊයේ (09) තංගල්ල ප්‍රදේශයේදී පවතී ජනහමුවකදී චමල් රාජපක්ෂ මහතා මේ බව කියාසිටියේය.

පක්ෂයේ සියලු දෙනාගේ ඉල්ලීම මත තමන් එම තීරණයට පැමිණි අතර දිස්ත්‍රික්කයේ ඕනෑම තැනකින් මැතිවරණයට ඉදිරිපත්වන බවයි ඔහු පැවසුවේ.

මේ අතර පළාත් පාලන මැතිවරණයට ශ්‍රී ලංකා පොදුජන පෙරමුණෙන් තරුණ තරුණියන් විශාල පිරිසක් ඉදිරිපත්වෙන බවද ඔහු ප්‍රකාශ කළේය.

”සියලුදෙනාගේ ඉල්ලීම අනුව දිස්ත්‍රික්කයේ ඕනෑම තැනකින් ඉල්ලන්න පුළුවන්. අපිව ප්‍රතික්ෂේප කළා නෙමෙයි රටේ තිබුණු රැල්ලත් එක්ක මිනිස්සුන්ට අවශ්‍ය වෙලා තිබ්බා වෙනසක්. වෙනස කරා. ඒ වෙනසේ රඟ දැන් හැමෝම දකිනවා. ඒ නිසා ආපහු ඒ අයට ඕන ඒ ඇති කරපු වෙනස ආපහු වෙනස් කරන්න.”

දේශපාලනයේදී ඉහළ පහළ යාම සාමාන්‍ය දෙයක් වන අතර නැවත පහළින්ම ආරම්භ කරන බවයි රාජපක්ෂ මහතා සඳහන් කළේ.

ආශිකා බ්‍රාහ්මණ

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

දකුණු අප්‍රිකානු ජනරජයේ හිටපු ජනපති සහ ජාතික ජන බලවේගයේ නායකයින් අතර හමුවක්!

කොළඹ LNW:දකුණු අප්‍රිකානු ජනරජයේ හිටපු ජනපති තාබෝ ම්බෙකි (Thabo...

ඔස්කාර් සම්මානලාභී බ්‍රැඩ් පිට්ගේ ලොස් ඇන්ජලීස් නිවස කොල්ල කයි

සටහන: සශිකලා මධුෂාණිජුනි 27; ලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ): ඔස්කාර් සම්මානලාභී බ්‍රැඩ්...

වයඹදිග පකිස්ථානයට හදිසි ගංවතුර තත්වයක්; හයදෙනෙකු මියගොස් නව දෙනෙකු අතුරුදන්

සටහන: සශිකලා මධුෂාණිජුනි 27; ලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ): වයඹදිග කයිබර් පක්තුන්ක්වා...

ශිරන්තිගේ සහෝදරයා රිමාන්ඩ් !

අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිසම විසින් අත්අඩංගුවට ගත්...