චීනයෙන් සන්නිවේදන තාක්ෂණ චන්ද්‍රිකාවක් සාර්ථකව අභ්‍යවකාශයට!

Date:

කොළඹ LNW:සන්නිවේදන තාක්ෂණය අත්හදා බැලීමේ අංක 15 දරන චන්ද්‍රිකාව නිරිතදිග චීනයේ Xichang චන්ද්‍රිකා ගුවන්ගත කිරීමේ මධ්‍යස්ථානයෙන් අද (10) අලුයම 1.17ට කක්ෂගත කෙරුණා .

එය සිදුකෙරුණේ Long March-3B ප්‍රවාහක රොකට්ටුව ආධාරයෙනි. මෙහිදී චන්ද්‍රිකාව නියමිත කක්ෂයට ඇතුළු වූ අතර මෙහෙයුම සාර්ථකව සම්පූර්ණ කර ඇති බවයි වාර්තා වන්නේ. ප්‍රධාන වශයෙන් බහු සංඛ්‍යාත කලාප සහ අධිවේගී සන්නිවේදන තාක්ෂණය සඳහා මෙම චන්ද්‍රිකාව භාවිත කෙරේ.

මෙම දියත් කිරීම චීනයේ Long March වාහක රොකට් මාලාවේ 562 වැනි පියාසැරි මෙහෙයුමයි.

දිනූෂි ධීරසිංහ

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

ආරක්ෂක සේවා බේස්බෝල් පිරිමි ශූරතාව ප්‍රථම වරට ගුවන් හමුදාවට

නිශ්මං රණසිංහ ජූලි 02, කොළඹ LNW: ත්‍රිවිධ හමුදා ක්‍රිඩක ක්‍රිඩිකාවන්ගේ...

සිංගප්පූරුව ඉදිරයේ ශ්‍රී ලංකාව ලද අපකිර්තිමත්ම පරාජය…

නිශ්මං රණසිංහ ජූලි 02, කොළඹ LNW ශ්‍රී ලංකාව මෙවර ආසියානු...

ලෝකයට තරම් රටට නොවටින නෙත්මි

නිශ්මං රණසිංහ ජූලි 02, කොළඹ LNW: ලෝකයේ දැවන්තම මල්ලව පොර...

IMF හතරවැනි ණය වාරිකයට අනුමැතිය

සටහන - රුවන් නෙළුගොල්ල ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ විධායක මණ්ඩලය විසින්...