*
Wednesday, March 12, 2025
spot_img

Latest Posts

පාසල් ක්‍රිකට් පිටියට උදාවන තෙදින වසන්තය

සටහන – නිශ්මං රණසිංහ
මාර්තු 12, (LNW)කොළඹ

ශ්‍රී ලංකාවේ ක්‍රිකට් වඩාත් යහපත් දිහානතියකට යොමු කිරීමේ අරමුණක් ලෙස මෙවර පාසල් මහා තරග 28 ක් දින තුනක කාලයක් පැවතිවීමට ශ්‍රී ලංකා ක්‍රිකට් වෙතින් ආධාර ලබා දීම හැඳින්විය හැකිය.එය පාසල් ක්‍රිකට් සංගමය සහ ශ්‍රී ලංකා ක්‍රිකට් අතර මෑත කාලයේ ඇති වූ සාධනීයම,අනාගතය කෙරෙහි බලපාන තීරණයක් ලෙස ගත හැකිය.


ලෝක ක්‍රිකට් ක්‍රීඩාවේ ඉහළින්ම පිළිගැනෙන ටෙස්ට් තත්ත්වය තුළ ශ්‍රී ලංකාව කෙමෙන් ඉදිරි ගමණක් පෙන් වුව ද,එහි අනාගතය ගැන පැහැදිළි තත්ත්වයක් නැත.ඒ සඳහා ක්‍රිකට් පදනමේ වන පාසල් ක්‍රිකට් හරහා සිඳුවන වේගවත් ක්‍රිකට් ක්‍රීඩා අවස්ථා නිසා ක්‍රීඩක සංයමය සහ ශික්ෂණය යම් ආකාරයකට බිඳ වැටෙමින් ඇත.ඒ නිසා ටෙස්ට් ආකෘතියේ ඉවසිලිවන්ත දිගු ඉණිම් පිතිකරණයේදී වාර්තා වන්නේ අඩුවෙන්ය.එබැවින් මේ තෙදින ආකෘතිය කරා පාසල් ක්‍රිකට් යොමු කිරීමට සිතීම අතිශයින් වැදගත් තීරණයක් වනු ඇත.


බොහෝ ක්‍රීඩාවල දකින්නට නොමැති ආකාරයෙන් ක්‍රිකට් ක්‍රීඩාව ඇතුළත පාසල් ක්‍රිකට් වෙත ශ්‍රී ලංකා ක්‍රිකට් වෙතින් ලබා දෙන ආශිර්වාදය වැදගත්ය.එසේම ජාතික වශයෙන් ක්‍රිකට් කෙසේ විය යුතුද යන්න ආකල්ප භාවිතයට ගෙනෙද්දී ඊට එකඟවි වැඩි කිරීමට පාසල් ක්‍රිකට් සංගමයට අපහසුවක් නොදැනෙන්නේ ඒ නවතාවයන්ට අනුව අවශ්‍යය කරන භෞතික පහසුකම් පාසල් ක්‍රිකට් වෙත සම්පාදනය කරන්නට ශ්‍රී ලංකා ක්‍රිකට් බැදී සිටින බැවින්ය.


“ පාසල් ක්‍රිකට් සංවර්ධනය වෙනුවෙන් ශ්‍රී ලංකා ක්‍රිකට් වාර්ෂිකව රුපියල් මිලියන 500ක් පමණ වෙන් කරනවා. ඒ වුණත් එයට අමතරව යම් විශේෂ කටයුත්තකට පාසල් සංගමය මුදල් ඉල්ලා සිටියොත් විධායක කමිටු අනුමැතියකින් ඒ මුදල් දීමටටත් කටයුතු කර තිබෙනවා. මෙයට අමතරව කාන්තා මහා තරග ‍වෙනුවෙන් පාසලකට රුපියල් ලක්ෂ 5ක් ශ්‍රී ලංකා ක්‍රිකට් ‍වෙතින් ලබා දෙනවා“
ශ්‍රී ලංකා ක්‍රිකට් හී ප්‍රධාන විධායක ඈෂ්ලි ද සිල්වා පවසන්නේ ඉහළ සිට පහළට විහිදී ඇති වගකීමේ ලතෙත් ස්වභාවයය.එයට පීතෘ බැඳීමක් වැනි වගකීමක සහ යුතුකමක අනන්‍යතාවය තිබිය යුතුය.
පාසල් තරග 6800 ක් පමණ විවිධ වයස් කාණ්ඩ ඔස්සේ සංවිධානය වන අතර එම තරග ආකෘතියද අවුරුදු 19 න් පහළ පළමු කාණ්ඩයේ තරගවලදී අර්ධ අවසන් පූර්ව තරගවලදී දින තුනක් බවට පත් කිරීමේ එකඟතාවයක් ද ඇති වී ඇත.


තෙදින මහා තරග සඳහා අනුමැතිය සමඟ අනුග්‍රහය හිමිවන පාසල් අතර දක්ෂතාවය පදනම් කරගත් පාසල් ඇත.තවත් ආකාරයකින් ප්‍රාදේශිය වශයෙන් ක්‍රිකට් සංවර්ධනය කිරීමේ උවමනාව ද දකින්නට ඇත.සම්පත් විමධ්‍යගත වන තරමට ජාතික තලයේ ප්‍රධාන කේන්ද්‍රය කරා ශක්‍යතා සමීපවීමට ඇති මං මාවත් ද සිය අතට විහිදෙනු ඇත.ඒ ආකාරයට බලද්දී දක්ෂතා සහ ඉතිහාසය ද,කොළඹින් බැහැරවීම ද ආදි සියළු කරුණු සම්බන්ධයෙන් වන කීර්තිය සහිත අම්බලන්ගොඩ ධර්මාශෝක සහ දේවානන්ද විද්‍යාල මේ අනුග්‍රහය තුළ නැති වීම ගැටළුවකි.එතරම්ම සුවිශේෂී ඉතිහාසයක් නැතත් රත්නපුර සීවලිය සහ පැල්මඩුල්ල ගන්කන්ද විද්‍යාල අතර මහා තරගය ගැන ද අවධානය යොමු කළ යුතුව තිබිණ.දැනටමත් රත්නපුර පාසලක පාසල් සමය නිමා කරපු ක්‍රිකට් ක්‍රීඩකයෙක් ජාතික එක්දින කණ්ඩායම වෙනුවෙන් කැපී පෙණෙන දායකත්වයක් ලබා දෙමින් සිටින්නේය.ඒ ඒෂාන් මාලිංගය.ඔහු රත්නපුර සීවලියේය.


මාතලේ ශාන්ත තෝමස් විද්‍යාල සහ මාතලේ විද්‍යා විද්‍යාලය අතර තරගයද ක්‍රියාත්මක වන බවක් පෙනෙන්නට නැත.එය ද නැවත පාසල් ක්‍රිකට් සංගමය ශ්‍රී ලංකා ක්‍රිකට් හී ශක්තිය ගෙන ආරම්භ කරන්නට පියවර ගත යුතු තරගයකි.චානක වෙලගෙදර පමණක් නොව වර්ථමානයේ ශ්‍රී ලංකා ටෙස්ට් කණ්ඩායමේ සිටින අංක එකේ දඟ පන්දු යවන්නා වන ප්‍රභාත් ජයසූරිය ද මාතලේට සම්බන්ධ බව අප අමතක නොකළ යුතුව ඇත.එසේම දඹුල්ල ජාත්‍යන්තර ක්‍රීඩාංගණය නිසා ලැබෙන පහසුකම් ද සළකා බලද්දි මාතලේ මහා ක්‍රිකට් තරග අවස්ථාව ද වැදගත් වනු ඇත.

සාන්ත තෝමස් විදුහල – ගල්කිස්ස, ත්‍රිත්ව විදුහල – මහනුවර, ශාන්ත සෙබස්තියන් විදුහල – මොරටුව, ඩී.එස්. සේනානායක විදුහල – කොළඹ, රාජකීය විදුහල – කොළඹ, සාන්ත අන්තෝනි විදුහල – කටුගස්තොට, වේල්ස් කුමර විදුහල – මොරටුව, සාන්ත ශර්වේසස් විදුහල – මාතර, මහානාම විදුහල – කොළඹ, රිච්මන්ඩ් විදුහල – ගාල්ල, ගුරුකල විදුහල – කැලනිය, නාලන්දා විදුහල – කොළඹ, මලියදේව විදුහල – කුරුණෑගල, සාන්ත පීතර විදුදුහල – බම්බලපිටිය, සාන්ත ජෝෂප් විදුහල – මරදාන
සාන්ත තෝමස් විදුහල – මාතර, මහින්ද විදුහල – ගාල්ල, ආනන්ද විදුහල – කොළඹ, සාන්ත ආනා විදුහල – කුරුණෑගල, මොරටු මහ විදුහල, තර්ස්ටන් විදුහල – කොළඹ, ධර්මරාජ විදුහල – මහනුවර, සාන්ත සෙබස්තියන් මැදි මහ විදුහල – කටුනේරිය, දේවපතිරාජ විදුහල – රත්ගම, ශ්‍රී සුමංගල විදුහල – පානදුර, ඉසිපතන විදුහල – කොළඹ, ශ්‍රී ධර්මාලෝක විදුහල – කැලණිය, සාන්ත පීතර විදුහල – මීගමුව, ධර්මපාල විදුහල – පන්නිපිටිය, සාන්ත ජෝන් විදුහල – යාපනය, රාහුල විදුහල – මාතර, කිංග්ස්වුඩ් විදුහල – මහනුවර, පී. ද එස් කුලරත්න විදුහල – අම්බලන්ගොඩ, කෑගලු විදුහල – කෑගල්ල, ශ්‍රී ජයවර්ධනපුර මහ විදුහල – කෝට්ටේ, අනුරාධපුර මැදි මහ විදුහල, යාපනය මැදි මහ විදුහල, සාන්ත මරියා විදුහල – කෑගල්ල
සාන්ත තෝමස් විදුහල – කෝට්ටේ, රාජකීය මැදි මහ විදුහල – පොලොන්නරුව, ශ්‍රී රාහුල විදුහල – කටුගස්තොට, ශ්‍රීමත් ජෝන් කොතලාවල විදුහල – කුරුණෑගල, මලියදේව විදුහල – කුරුණෑගල, කුමර විදුහල – රත්නපුර, ශ්‍රී සුමගංල විදුහල – මහනුවර, වයඹ රාජකීය විදුහල – කුරුණෑගල, ඉබ්බාගමුව මැදි මහ විදුහල, ශාන්ත ඇලෝසියස් විදුහල – රත්නපුර, සාන්ත පැට්‍රික් විදුහල – යාපනය, මහින්ද රාජපක්ෂ විදුහල – හෝමාගම, වික්‍රමශීලා ජාතික පාසල – ගිරිඋල්ල. යාපනය විදුහල – වඩ්ඩුකොඩායි, ආරක්ෂක සේවා විදුහල – කොළඹ, ඩී. එස්. සේනානායක විදුහල – මීරිගම, ශුද්ධ වූ ත්‍රිත්ව විදුහල – නුවරඑළිය, ගාමිණී ජාතික පාසල – නුවරඑළිය.

http://www.sportwaynews.com/

Latest Posts

spot_img

දේශපා

Don't Miss

eskişehir escort sakarya escort sakarya escort bayan eskişehir escort bayan