සැකකරු අත්අඩංගුවට ගත්තද වෛද්‍ය වැඩවර්ජන තවදුරටත් ක්‍රියාත්මකයි!

Date:

කොළඹ LNW:අනුරාධපුර ශික්ෂණ රෝහලේ වෛද්‍යවරියකව ලිංගික අපයෝජනය කිරීමේ සිද්ධියට විරෝධය දක්වමින් සැකකරු අත්අඩංගුවට ගන්නා ලෙස බලකරමින් මෙන්ම සෞඛ්‍ය සේවකයින්ගේ ආරක්ෂාව තහවුරු කරන ලෙස බලකරමින් රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය විසින් ආරම්භ කර තිබෙන වැඩ වර්ජනය ප්‍රකාශ කර තිබෙන පරිදි හෙට උදෑසන 08.00 දක්වා ක්‍රියාත්මක වන බව එම සංගමය පවසයි.

එම වර්ජනය අද පෙරවරු 08.00ට ආරම්භ විය.

මේ වන විට අදාළ සිධියට සම්බන්ධ සැකකරු ද පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන තිබේ.

ඒ අනුව වැඩවර්ජනය සැකකරු අත්අඩංගුවට ගැනීමට පමණක් සීමා නොවන අතර අදාළ සිදුවීමට දැඩි අප්‍රසාදය සහ විරෝධතාව පළ කිරීමත් විරෝධතාවෙන් බලාපොරොත්තු වන බවයි රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය පවසන්නේ.

මේ සම්බන්ධයෙන් අද සෞඛ්‍ය හා ජන මාධ්‍ය අමාත්‍යවරයා සහ රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ නියෝජිතයින් අතර සාකච්ජාවක් ද පවත්වා තිබේ.

ආශිකා බ්‍රාහ්මණ

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

ලෝක කුසලාන තරගවලදී තවත් ශ්‍රී ලාංකිකයෙකුගෙන් දස්කම්

නිශ්මං රණසිංහ පෙබරවාරි 12, කොළඹ LNW: එංගලන්ත කණ්ඩායමේ හුස්ම හිර...

උතුරු සුඩානයේ මගී යාත්‍රාවක් පෙරළෙයි: 21 ක් ජීවිතක්ෂයට!

රෂිකා හෙන්නායක පෙබරවාරි 12, ලෝකය (අවුට්බවුන්ඩ් ටුඩේ): උතුරු සුඩානයේ නයිල්...

යක්ෂයා වාර්තා සමඟ ජය ලබමින් ඇත.

නිශ්මං රණසිංහ පෙබරවාරි 12, කොළඹ LNW: ශ්‍රී ලංකාව ඕමානයට එරෙහිව...

PSTA ප්‍රජාතන්ත්‍රවාදයත් අහිමි කරලා ආර්ථික වරප්‍රසාදත් අහිමි කරනවා – ජී.එල්.

ආශිකා බ්‍රාහ්මණ කොළඹ LNW:පාර්ලිමේන්තුවට ඉදිරිපත් කර ඇති ත්‍රස්තවාදයෙන් රාජ්‍ය ආරක්ෂා...