නයිජල් ගේ මතක සිටින සමුගැන්ම

Date:

සටහන – නිශ්මං රණසිංහ
මාර්තු 17, (LNW)කොළඹ

ඔහුගේ ළමා කාලය ගෙවෙන්නේ මුරුසියේ සහ දකුණු අප්‍රිකාවේය.ඉනික්බිති ඔහු ලංකාවේ පාසල් අධ්‍යාපනය තුළ සිසුවෙකු වන්නේ මහනුවර ත්‍රිත්ව විද්‍යාලය තුළය.ඔහු රග්බි ක්‍රීඩා සමාජ දිවිය ආරම්භ කරන්නේ එවකට ක්‍රීඩා අමාත්‍ය ධූරය දැරූ මහින්දානන්ද අලුත්ගමගේ විසින් දායකත්වය දුන් අප් කන්ට්‍රි ලයන්ස් කණ්ඩායමෙන්ය.පසුව මහනුවර කණ්ඩායමට එක්වීමට පෙර ඔහු සීආර්අන්ඩ් එෆ්සී කණ්ඩායමට ද ක්‍රීඩා කළේය.


නමින් නයිජල් රත්වත්තේ වූ ඔහු වඩාත් කැපී පෙණුනේ මහනුවර කණ්ඩායමට එක් වූ පසුවය.ඔහු 2021-2022 තරග වාරයේ මහනුවර නායකයාද විය.දශකයකට අධික කාලයක් මහනුවරට මෙන්ම ජාතික රගර් කණ්ඩායමට ද සම්බන්ධව සිටි නයිජල්,මෙවර රගර් වාරයේදී ද,සිය සූරත්වය පෙන් වූ මහනුවර කණ්ඩායමට ජය ටැඹ කරා යන්නට අත්වැලක් වෙමින් ක්‍රීඩා කර රග්බි ක්‍රීඩාවට සමු දුන්නේය.


ඔහු සමුගත් තරගයේ දී මහනුවර ක්‍රීඩා සමාජය හැව්ලොක්ස් කණ්ඩායමට එරෙහිව ලකුණු 50 – 24 ක ජයක් ලැබීය.ලකුණු 45 සිට මහනුවර ලකුණු පූවරුව 50 දක්වා ඔසවන්නට අවශ්‍යය උත්සාහක දිණුම වාර්තා වුණේ අංක 10 ජර්සියෙන් තරග වැදි නයිජල් රත්වත්තගෙන්ය.මේ ඡායාරූප කිහිපයෙන් දැක්වෙන්නේ ඔහු එම උත්සාහක දිණුමට සැරසෙමින් එය ලබා ගත් අයුරුය.අවසාන මොහොතේ සිය කණ්ඩායමේ ජයග්‍රහණය සනාත කරන උත්සාහක දිණුමද සමඟ අමතක නොවන සමුගැන්මක නිරත වූ නයිජල් ට අපි සුබ පතමු!

http://www.sportwaynews.com/

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

Cop30 සමුළුවට පෙර දේශගුණික සැලසුම් ඉදිරිපත් කරන ලෙස බ්‍රසීලය සාමාජික රටවල්වලින් අවසාන වශයෙන් ඉල්ලයි

සටහන: සශිකලා මධුෂාණි අගෝස්තු 20: ලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ): එළඹෙන නොවැම්බර් මාසයේ...

මෙතෙක් ලංකාවේ නැව්වලට කැසිනෝ බලපත්‍ර දුන්නේ නෑ. අලුත් පනතින් නැව්වලටත් කැසිනෝ බලපත්‍ර ඉල්ලීමේ අවස්ථාව !

අලුතින් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරන ලද සූදු නියාමන පනත යටතේ...

ඉරානයෙන් පිටුවහල් කරන ලද ඇෆ්ගන් ජාතිකයන් ගමන් ගත් බස් රථයක් අනතුරට ලක් වීමෙන් 71දෙනෙකු ජිවිතක්ෂයට

සටහන: සශිකලා මධුෂාණි අගෝස්තු 20: ලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ): ඉරානයෙන් පිටුවහල් කරන...